Skip to main content

මරණය

මරණ කියන සංකල්පය ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි ගොඩක් සමාජවල එක එක විදිහට කතා කරන දෙයක්. ගොඩක් වෙලාවට ඒවා නෙගටිව්. ලංකාවේ තින්කින් පැටන් එකට ගොඩක් ම මරණය ගැන අදහස කාවදින්නේ බුදු දහමේ කොටසක් විදිහට. ජාති, ජරා, මරණ. ඒක මිනිස්සුන්ට ගොඩක් බලපානෙ විදිහෙ කන්සෙප්ට් එකක්.
ඒකත් එක්ක මේ විදිහට හිතන්නත් පුලුවන් කියල Money Heist එකේ Berlin කියන දෙබසකින් ⁣තේරෙනවා. නිකං හිතුවොත් අපි අමරණීයයි කියල මොන වගේ වෙයි ද? අපිට මේ තියන හදිස්සියෙන් සෑහෙන්න ප්‍රමාණයක් අඩුවෙයි. අපි ඔහේ ඉදියි. මොකද අපි කොච්චර ඉක්මන් උනත් අපිට කාලය ඉතුරුයි. කොච්චර ජීවත් උනත් මැරෙන්නෙ නැති නිසා කිසි දෙයක් මැරෙන්න කලින් කියල කරන්න නෑ.

ලෝකේ ගොඩක් දේවල් අ⁣පේ ඇස් දෙකට පේන්න පැවතුනාට ඇත්තටම ඒවා පවතිනව ද? ඉපදුන දවසේ ඉදන් මාර කම්මැලි ජීවන රටවකට හුරු වෙලා ගර්භාෂෙන් එළියට ආපු දවසෙ ඉදන් හැමෝම කරන එක ම විදිහෙ අඩව්ව අල්ලනවා. ⁣ඇත්තට ම ඒක මෙලෝ රහක් නැති ජීවිතයක්. ඒත් අපි ඇත්තටම අමරණීය නෑ. ඒ නිසා මොන දේ කළත් අන්තිමට යන්න වෙනවා. ඒ නිසා අපි මාර ඉක්මන් වෙනවා. සටන් කරනවා. නිමේෂයක් ගානෙ අපි විදින්න උත්සහ කරනවා. මොකද අයේ අපිට ඒ තප්පරය ගන්න පුලුවන් වෙයි ද කියල විශ්වාසයක් නෑ. ඒ අවිශ්වාසය අපිව සටන්කරුවෙක් කරනවා. සටන්කරන හැමෝම එක්කො දිනනවා. නැත්නම් පරදිනවා. ඒත් මුකුත් නොකර ප්‍රේක්ෂකයෙක් වෙනවට වඩා ඒක වටිනවා. මරණ තමයි ජීවිතේ ඇතුළෙ ප්‍රේක්ෂකයො වෙන්න හිටිය අපිව සටනට අවතීර්ණ කරන්නෙ. පවතිනව කියන එකවත් අමතක කරල අලසව ජීවත් වෙන නිදි වර්ජිත මිනිස්සු ඇහැරෙන්න මරණය නිසා. ඒ මරණය තේරුන් ගන්න හරි ලේසියි. ඉතිං මරණීය පිළිකාවක් තියෙද්දි ලෝකෙ ලොකු ම බැංකුවක් කොල්ල කන Berlin කියනවා වගේ,

" මරණය කියන්නෙ සරල ව දැනගන්න පුලුවන් වචනයක්. පැවතෙන් නැති හැමදේට ම තේරුමක් දෙන එකක්"

- ඉසුරු උදාකර යකන්දාවල
Isuru Udakara Yakandawala



Comments

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ගින්නෙන උපන් අරුමැසිය

ගින්නෙන උපන් අරුමැසිය ලාංකීය මෙන්ම විදෙස් තලවලද වැඩි ප්‍රෙක්ෂක අකාර්ෂණයට බඳුන් වූ සිනමා නිර්මාණ පවති.අශෝක හඳගමගේ 'ඇගේ ඇස අඟ' චිත්‍රපටයට විචාර 50කට අදික සංඛ්‍යාවක් ලියවී ඇතැයි කියවේ.ඒවා චිත්‍රපටයට ඇගයුමක් හෝ ගැරහුමක් වුවද ඒ තුළින් විදග්ධ ප්‍රෙක්ෂක නැමියාවක් එම චිත්‍රපටයට ලබා ගත හැකිව තිබේ.'ගින්නෙන් උපන් සීතය එය අභිබවා යමින් කුඩා මිතුරු එකමුතු තුළ සිට විචාර වීමංසන දක්වා කතාවට ගැනෙන හා සමාජ ජාල තුළ අප්‍රමාණ කතා බහට ලක් වූ කෘතියකි.නවමු ශානරයක් වෙත සිංහල සිනමාව මේ තුළින් අත්පොත් තබනවා වීම ද සුවිශේෂයකි.විජේවීරගේ චරිතය අලලාම නිර්මාණය වීම නිසා ම සරල රසිකත්වයක සිට ඉහළට ප්‍රෙක්ෂක පාරසයක් කරා දිව යයි. මේ හේතුවෙන් වීජේවීර හා ලාංකීය විමුක්තිකාමී වම සර්ව පාන්තික භාෂාවක් බවට පත්ව ඇත.ශානරයක් වශයෙන් චරිතාපදාන සිනමා කෘතියක් යන මෙය තුළින් පෙර පැවති ලාංකීය ගෝ‍ත්‍රික සිනමාව යම් වෛෂික ආස්ථානයකට ගෙන එයි.ඒ හැරෙන්නට මෑත ක⁣ලයේදී ලාංකීය සිනමාවෙ බිහි වූවේ අතීත.කතා තුළ සිටින මිනිසුන්ගෙ රළු ප්‍රතිචාර රැගත් චිත්‍රපට පමණි. දුරස්ථීකරණය යන වදන සමස්ත දේශපාලන මෙන්ම කලා විෂය පරාසය තුළ ද සකච්ඡාවට ගැනෙන වචනයකි...

මරණය හා වරණය

මරණයක් යනු ක්ෂතිමය අත්දැකීමකි.(Traumatic Experience)මේ ⁣එසේ මරණීයත්වයේ ආශක්තතාව තුළ සිට ගමන් කරන ලද කතාවයි.... මිනිස් ජිවිතය යනු ජීවත් වීමට පමණක් නොව මරණය සඳහාද ආශව දිශානත කරන ලද නිර්මාණයකි.ඒ අනුව අතීතයේ සිටම මරණීයත්ය තුළින් මිනිසා ජීවිතය සොයා ගියහ.ප්‍රේමවන්තයින් ෆූජීයාම කන්දෙන් බිමට පැන්නෙ ඒ නිසාය.ශාස්තෘවරුන් අත්තඛිලමතානුයෝගයට බැදුනේ ඒ නිසාය.තවදුරටද නූතන ධනවාදී  සමාජ දේහය තුළ ඇල්බෙයා කෙමු වැනි සාන්දෘෂ්ටික ලේඛකයින් ස්වයං ඝාතනයද තම අයිතියක් ලෙස සළකන ලද්දේ මේ හෙයිනි. ධනවාදය තුළ සාමාජය අධිවේග⁣යෙන් අලුත්වැඩියා කරනු ලබයි.ඒකි අලුත් වැඩියාව තුළදී සංස්කෘතීන් භාෂාවන් කලාවන් විසරණය වීම මෙන්ම විනාශ වී යාමද නව සංස්කෘතීන් බිහිවීමද සිදුවිනි.එකී තර්කනය තුළ නව අධිරාජ්‍යවාදයක් ගෝලීය සමාජය තුළ බිහිවුනු අතර ඇමරිකාව හා යුරෝපා රටවල් පශ්චාත් යටත්විජිත ලෝකය තුළ ධනවාදී ප්‍රවාහයේ අධිපතිවාදී නියමුවෝ වුහ.සිහි විසංඥ කරවන මෙකි ප්‍රවාහය තුළ ඇමරිකාව අැතුලු අධිරාජ්‍යවාදය තෙල් සුවඳ හරහා මැදපෙරදිගට පැමිණියහ.සංස්කෘතියට එදිරිවමින් අධිරාජ්‍යවාදී-ධනවාදී හස්තය මැද පෙරදිග පුරා ගමන් කරද්දි පවතින ධනපති ක්‍රමවේදට විසඳුම ලෙස...