Skip to main content

Psycho සිට American Psycho දක්වා

1960 දි ඇල්ෆ්‍රඩ් හිච්කොක් Psycho චිත්‍රපටිය නිර්මාණය කරන්නෙ. එදා මෙදාතුර බිහි වුණ චිත්‍රපටි අතර Psycho කියන්නෙ මාස්ටර් පීස් එකක් විදිහට අදටත් විචාරකයින් සළකනවා. Psycho චිත්‍රපටියෙ අපිට පේන්නෙ දාම ඝාතකයෙකුගේ ජීවිතය. හැබැයි ඔහු බොහොම නිවුණු සුන්දර සිනාවක් තියන කෙනෙක්. ජනශුන්‍ය ප්‍රදේශයක සරල, චාම් ජීවිතයක් ගත කරන කෙනෙක්. වැදගත් කතා විලාසයක් ඔහුට තියෙන්නෙ. නමුත් තමන්ගෙ හුුදකලා හෝටලයේ නවාතැන් ගන්න එන සුන්දර තරුණියක් ඔහු විසින් ම මරල සිරුර වාහනයත් එක්ක ම මඩ ගොහොරුවක ගිල්වා දමනවා.

ඊට දශක 4කට පස්සේ 2000 වර්ෂයේ American Psycho චිත්‍රපටය එළි දකිනවා. අධ්‍යක්ෂකයා Mary Harron. චිත්‍රපට දෙකේ නම් කිට්ටුවෙන් යනවා. Psycho යන උමතු බව වෙනුවෙන් භාවිතා කරන වචනය ඒ දෙක තුළ භාවිතා වෙනවා. නමුත් 1960 දශකයේ එළි දකින Psycho චිත්‍රපටයට වඩා හාත්පසින් වෙනස් කතාවක් American Psycho චිත්‍රපටය විසින් තෝර ගන්නවා. Psycho චිත්‍රපටයේ ඝාතකයා හුදකලාව නගරයෙන් ඈත් ව ජීවත් වෙන බොහොම නිවුණු පුද්ගලයෙක්. American Psycho චිත්‍රපටයට එද්දි දාම ඝාතකයා හෙවත් Seriel Killer නාගරික ජනාකීර්ණ පරිසරයක සිටින විනෝදකාමී එතරම් ම නිවුණු ගති පෙන්නුම් කරන හුදකලා චරිතයක් නෙවෙයි. ඔහු අවන්හල් හා මධු සාධවලට සහභාගී වෙන ප්‍රියමනාප තරුණයෙක්. එසේ ම, ඔහු තමන්ගෙ මිත්‍රයා ව මරා දමන්නෙ මුහුණට පොරවෙන් ගහල, සුරූපි තරුණියක් මරල ඇයගෙ හිස ශිතකරණ තුළ තබනවා. වීදියේ සිටින හිඟන්නෙකු පිහියෙන් ඇනල මරල දානවා. ඒ සියල්ල අතර ගණිකාවක් ප්‍රචණ්ඩ ලෙස දම්වැල් සහිත දැව කපන යන්ත්‍රයකින් සිදුරු කරල මරල දානවා. බැලූ බැල්මට Psycho චිත්‍රපටයට වඩා සමකාලීන ඝාතකයා අතිශය ප්‍රචණ්ඩ හා ම්ලේච්ඡ අයෙක්. ඒත් American Psycho චිත්‍රපටයේ අවසානය වන විට අපිට තේරෙන දේ තමයි ඇත්තට ම කිසිදු මිනිමැරුමක් ඔහු විසින් කරපු ඒවා නෙවෙයි. ඒ සියලු ඝාතන ඔහු විසින් ම මනසින් සැලසුම් කරල ඔහු විසින් ම මනසින් කරපු දේවල්. යථාර්ථය එක්ක සම්බන්ධයක් නෑ. නමුත් එම මිනීමැරුම් සඳහා චිත්‍රපටයේ අවසානය වන විට තමන් වැරදිකරුවෙක් බවට ඔහු දැඩිව විශ්වාස කරනවා.

1960 ගණන් වෙන විට එනම් මීට කාලයකට පෙර පැරණි ධනවාදය ක්‍රියාත්මක වන කාලය තුළ ඝාතකයා තමන්ට අවශ්‍ය ඝාතනය නො සඟවා තෘප්ත කර ගන්නා ආයෙක්. Psycho චිත්‍රපටයේ පෙන්වන්නෙ එවැනි පැරණි සමාජ ක්‍රමය ඇතුළේ යථාර්ථවාදී ලෙස මිනීමැරීම සිදු කරපු පුද්ගලයෙක්. ඔහු සත්‍ය ලෙස ම හිතන දේ කරන, මැරිය යුතු විට අනෙකා නො පැකිලිව මරා දමන අයෙක්. නමුත් සමකාලීන සමාජ, දේශපාලනයට එද්දි පුද්ගලයා අතිශයින් පරිභෝජනවා දී, විනෝදකාමී අයෙක්. එලෙස ම, ඇත්ත වශයෙන් ම ඔවුන් භෞතිකව සිය අතින් මිනීමැරුමක් කරපු අය නෙවෙයි. නමුත් මේ ක්‍රමය ඇතුළේ බාහිරින් නො වුනත් ඇතුළතින් අපි සියලු දේනා, දශක කිහිපයකට කලින් සත්‍ය ලෙස ම මිනී මරපු පුද්ගයන්ට වඩා ම්ලේච්ඡ මිනීමරුවන්. දාම ඝාතකයින්. 1960 නිෂ්පාදන වෙන Psycho චිත්‍රපටයේ ඝාතකයා ඇත්තටම මිනිස්සු මරද්දී, 2000 දශකයේ American Psycho චිත්‍රපටයේ චරිතය මීනිමරුවෙකු වෙන්නෙ ඇතුළතින්.
88/89 දී තරුණයන් ඝාතන කරද්දී අහක බලා ගෙන සිටි, උතුරේ දෙමළ තරුණයින් මරණ විට කිරි බත් කෑ, මධ්‍ය ආසියාවේ මුස්ලිම් ප්‍රදේශවලට බෝම්බ හෙලන විට අත්පොලසන් දුන් අපි සියලු දෙනා එම දහස් ගණනක ඝාතන වෙත සෘජු වග උත්තරකරුවන් නො වෙමු. නමුත් ඒ සියල්ල වෙත ම මනසින් ආවඩන ලද හෘද සාක්ෂිය අප කිසිවෙක්ට අමතක කළ නො හැකි ය. ඒ නිසා අපි සියලු දෙනා මේ ක්‍රමය තුළ බාහිරින් ඉතාමත් ශික්ෂිත හා ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන් වුවත් ඇතුළතින් මිනීමරුවන් ය. දාම ඝාතකයන් ය. වාර්ගික සංහාරකයන් ය. මේ නව ලිබරල් ධනපති ලෝක පර්යාය පවතින්නේ එසේ ය. 1960 Psycho චිත්‍රපටයේ සැබෑ මිනිමරුවෙකුගේ සිට සමකාලීන American Psycho චිත්‍රපටයේ මනසින් මිනීමරුවන් වන අප අතර ලකුණු කළ යුතු මූලික බෙදුම් රේඛාව එයයි.

එසේ නම්, මෙම ක්‍රමය තුළ අපි සියලු දෙනා මේ ක්‍රමය තුළ බාහිරින් ඉතාමත් ශික්ෂිත හා ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සුන් ය. ඇතුළතින් මිනීමරුවන් ය. දාම ඝාතකයන් ය. වාර්ගික සංහාරකයන් ය.

ආමේන්!

- ඉසුරු උදාකර යකන්දාවල
Isuru Udakara Yakandawala



Comments

Post a Comment

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ශාස්ත්‍රීය අධ්‍යාපනයේ උගුල?

බණ්ඩ (Waruna Priyan Bandara) මේ පෞද්ගලික අර්ථයෙන් කියන්න හදන අදහස ඇතුළෙ ටෙක්නිකල් ගැටලුවක් තියනවා. මේකෙ කියන විදිහට ලංකාවෙ ගොඩක් දෙනෙක් අධ්‍යාපනය ලබන්නෙ එයාලගෙ ආසාවෙන් කියන පූර්ව විනිශ්චනයක ඉඳල. ඒත් ගොඩක් අය ලංකාව වගේ රටක අධ්‍යාපනය ලබන්නෙ තමන්ගෙ සමාජ මට්ටටම වැඩි කරගෙන සල්ලි හම්බ කිරීම කියන පරමාර්ථයෙන්. හැබැයි සල්ලි හම්බ කිරීම කියන පරමාර්ථයෙන් ලෝකයෙ ම ගත්ත ම විශ්වවිද්‍යාලවල ගිහින් සෑහෙන්න ඉගෙන ගෙන සල්ලි මාර විදිහට හම්බකරනවා කියන එක කරන්න අමාරු වැඩක්. මාර විදිහට සල්ලි හම්බ කරන්න ඕනි අය ඒක කරන්නෙ නෑ. ලංකාව ඇතුළෙ ගොඩක් වෙලාවට වෙන්නෙ ලංකාවේ නොමිලෙ අධ්‍යාපනය ලබා දෙන නිසාත්, ඒක විශ්වවිද්‍යාලය දක්වා තියන නිසාත් විශ්වවිද්‍යාල දක්වා ම ඉගෙන ගෙන ඔහේ එනවා.  එහෙම නැතුව අධ්‍යාපනයට ආසාවක් හරි, ශාස්ත්‍රීය ගවේෂණයක් නෑ. මේ නිසා ⁣වෘත්තීය පුහුණවක් වගේ දෙයක් එක්ක ඉක්මනින් රැකියි ක්ෂේත්‍රයට එන්න ඕනි අය දහස් ගණනක් නිකරුණෙ තමන් ආස නැති ශාස්ත්‍රීය ක්ෂේත්‍රවලට ඇවිල්ල තදබදයක් ඇතිවෙලා තියෙන්නෙ. මේක හරියට, අධ්‍යාපන ක්‍රමය ආර්ථිකය එක්ක ගැට ගහපු දවසට බහුතරයක් වෘත්තීය හා කර්මාන්ත අධ්‍යාපනයක් අරගෙන රැකියා ආර්ථිකයට...

ලොකුයි නේද?

සාමාන්‍යයෙන් ලංකාව වගේ රටවල විවාහය කියන්නෙ සෑහෙන්න තරමක ඇල් මැරුණු සම්බන්ධයක්. සජීවී බව රැක ගැනීම, මනුෂ්‍යය බැදීමක උණුසුම රැක ගන්න සැලසුමක් ඒ ඇතුළෙ නෑ. බොහෝ විට තමන් ප්ලෑන් කරපු භෞතික දේවල් කීපයක් පස්සෙ දුවන්න හරි, අච්චුවකට වැටුණු ලයිෆ් ස්ටයිල් එකකට දුවන එක ඇරෙන්න සතුට ගැන, ට්‍රිප් එකක් ගැන, ඩේ අවුට් එකක් ගැන සැලසුමක් විවාහ සැලසුමක් ඇතුළෙ නෑ. නෙළුම් කුළුණ ෆිල්ම් එකේ පෙන්නන්නෙ මැරුණු පිරිමියෙක්ගෙ ලිංගික උත්තේජනයක් මිසක් ජීවත් වෙන මනුස්සයෙක් ගැන නෙවෙයි. ඇත්තට ම, සජීවි මනුස්සයෙක් ගත්ත ම ඒකේ යථාර්ථය මේ ලේලීල දෙන්න කතා කරනව වගේ දෙයක්. ⁣ජීව විද්‍යාත්මක විදහට නෙවෙයි මානසිකවත් විවාහක පිරිමියා බෙලහීනයි. කම්මැලි කුසීත අච්චුවෙච්චි ජීවන රටාව ඇතුළෙ පිරිමි සහ ගැහැණු බෙලහීනයි. විනෝදයෙන් විනිර්මුක්තයි. නෙළුම් කුළුණ අපිට පවසන්නේ ලංකාව වගේ කම්මැලි ජීවන රටාවක් හිමි වුණ සමාජයක මිය ගිය පිරිමියෙක් හැර ජීවත් වෙන ප්‍රාණවත් පිරිමින් නැති බවයි. පැරණි ආකෘතියෙන් මිදිල විනෝදකාමී පවුල් ආකෘතියක් ලංකාවට අවශ්‍ය වෙලා තියෙනවා. එතකන් මැරුණු පිරිමින්ගේ ප්‍රාණවත් උන පුරුෂ ලිංග ගැන කතා කර කර ම ඉන්න වෙනව අපිට.  ඉසුරු උදා...