Skip to main content

Psycho සිට American Psycho දක්වා

1960 දි ඇල්ෆ්‍රඩ් හිච්කොක් Psycho චිත්‍රපටිය නිර්මාණය කරන්නෙ. එදා මෙදාතුර බිහි වුණ චිත්‍රපටි අතර Psycho කියන්නෙ මාස්ටර් පීස් එකක් විදිහට අදටත් විචාරකයින් සළකනවා. Psycho චිත්‍රපටියෙ අපිට පේන්නෙ දාම ඝාතකයෙකුගේ ජීවිතය. හැබැයි ඔහු බොහොම නිවුණු සුන්දර සිනාවක් තියන කෙනෙක්. ජනශුන්‍ය ප්‍රදේශයක සරල, චාම් ජීවිතයක් ගත කරන කෙනෙක්. වැදගත් කතා විලාසයක් ඔහුට තියෙන්නෙ. නමුත් තමන්ගෙ හුුදකලා හෝටලයේ නවාතැන් ගන්න එන සුන්දර තරුණියක් ඔහු විසින් ම මරල සිරුර වාහනයත් එක්ක ම මඩ ගොහොරුවක ගිල්වා දමනවා.

ඊට දශක 4කට පස්සේ 2000 වර්ෂයේ American Psycho චිත්‍රපටය එළි දකිනවා. අධ්‍යක්ෂකයා Mary Harron. චිත්‍රපට දෙකේ නම් කිට්ටුවෙන් යනවා. Psycho යන උමතු බව වෙනුවෙන් භාවිතා කරන වචනය ඒ දෙක තුළ භාවිතා වෙනවා. නමුත් 1960 දශකයේ එළි දකින Psycho චිත්‍රපටයට වඩා හාත්පසින් වෙනස් කතාවක් American Psycho චිත්‍රපටය විසින් තෝර ගන්නවා. Psycho චිත්‍රපටයේ ඝාතකයා හුදකලාව නගරයෙන් ඈත් ව ජීවත් වෙන බොහොම නිවුණු පුද්ගලයෙක්. American Psycho චිත්‍රපටයට එද්දි දාම ඝාතකයා හෙවත් Seriel Killer නාගරික ජනාකීර්ණ පරිසරයක සිටින විනෝදකාමී එතරම් ම නිවුණු ගති පෙන්නුම් කරන හුදකලා චරිතයක් නෙවෙයි. ඔහු අවන්හල් හා මධු සාධවලට සහභාගී වෙන ප්‍රියමනාප තරුණයෙක්. එසේ ම, ඔහු තමන්ගෙ මිත්‍රයා ව මරා දමන්නෙ මුහුණට පොරවෙන් ගහල, සුරූපි තරුණියක් මරල ඇයගෙ හිස ශිතකරණ තුළ තබනවා. වීදියේ සිටින හිඟන්නෙකු පිහියෙන් ඇනල මරල දානවා. ඒ සියල්ල අතර ගණිකාවක් ප්‍රචණ්ඩ ලෙස දම්වැල් සහිත දැව කපන යන්ත්‍රයකින් සිදුරු කරල මරල දානවා. බැලූ බැල්මට Psycho චිත්‍රපටයට වඩා සමකාලීන ඝාතකයා අතිශය ප්‍රචණ්ඩ හා ම්ලේච්ඡ අයෙක්. ඒත් American Psycho චිත්‍රපටයේ අවසානය වන විට අපිට තේරෙන දේ තමයි ඇත්තට ම කිසිදු මිනිමැරුමක් ඔහු විසින් කරපු ඒවා නෙවෙයි. ඒ සියලු ඝාතන ඔහු විසින් ම මනසින් සැලසුම් කරල ඔහු විසින් ම මනසින් කරපු දේවල්. යථාර්ථය එක්ක සම්බන්ධයක් නෑ. නමුත් එම මිනීමැරුම් සඳහා චිත්‍රපටයේ අවසානය වන විට තමන් වැරදිකරුවෙක් බවට ඔහු දැඩිව විශ්වාස කරනවා.

1960 ගණන් වෙන විට එනම් මීට කාලයකට පෙර පැරණි ධනවාදය ක්‍රියාත්මක වන කාලය තුළ ඝාතකයා තමන්ට අවශ්‍ය ඝාතනය නො සඟවා තෘප්ත කර ගන්නා ආයෙක්. Psycho චිත්‍රපටයේ පෙන්වන්නෙ එවැනි පැරණි සමාජ ක්‍රමය ඇතුළේ යථාර්ථවාදී ලෙස මිනීමැරීම සිදු කරපු පුද්ගලයෙක්. ඔහු සත්‍ය ලෙස ම හිතන දේ කරන, මැරිය යුතු විට අනෙකා නො පැකිලිව මරා දමන අයෙක්. නමුත් සමකාලීන සමාජ, දේශපාලනයට එද්දි පුද්ගලයා අතිශයින් පරිභෝජනවා දී, විනෝදකාමී අයෙක්. එලෙස ම, ඇත්ත වශයෙන් ම ඔවුන් භෞතිකව සිය අතින් මිනීමැරුමක් කරපු අය නෙවෙයි. නමුත් මේ ක්‍රමය ඇතුළේ බාහිරින් නො වුනත් ඇතුළතින් අපි සියලු දේනා, දශක කිහිපයකට කලින් සත්‍ය ලෙස ම මිනී මරපු පුද්ගයන්ට වඩා ම්ලේච්ඡ මිනීමරුවන්. දාම ඝාතකයින්. 1960 නිෂ්පාදන වෙන Psycho චිත්‍රපටයේ ඝාතකයා ඇත්තටම මිනිස්සු මරද්දී, 2000 දශකයේ American Psycho චිත්‍රපටයේ චරිතය මීනිමරුවෙකු වෙන්නෙ ඇතුළතින්.
88/89 දී තරුණයන් ඝාතන කරද්දී අහක බලා ගෙන සිටි, උතුරේ දෙමළ තරුණයින් මරණ විට කිරි බත් කෑ, මධ්‍ය ආසියාවේ මුස්ලිම් ප්‍රදේශවලට බෝම්බ හෙලන විට අත්පොලසන් දුන් අපි සියලු දෙනා එම දහස් ගණනක ඝාතන වෙත සෘජු වග උත්තරකරුවන් නො වෙමු. නමුත් ඒ සියල්ල වෙත ම මනසින් ආවඩන ලද හෘද සාක්ෂිය අප කිසිවෙක්ට අමතක කළ නො හැකි ය. ඒ නිසා අපි සියලු දෙනා මේ ක්‍රමය තුළ බාහිරින් ඉතාමත් ශික්ෂිත හා ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන් වුවත් ඇතුළතින් මිනීමරුවන් ය. දාම ඝාතකයන් ය. වාර්ගික සංහාරකයන් ය. මේ නව ලිබරල් ධනපති ලෝක පර්යාය පවතින්නේ එසේ ය. 1960 Psycho චිත්‍රපටයේ සැබෑ මිනිමරුවෙකුගේ සිට සමකාලීන American Psycho චිත්‍රපටයේ මනසින් මිනීමරුවන් වන අප අතර ලකුණු කළ යුතු මූලික බෙදුම් රේඛාව එයයි.

එසේ නම්, මෙම ක්‍රමය තුළ අපි සියලු දෙනා මේ ක්‍රමය තුළ බාහිරින් ඉතාමත් ශික්ෂිත හා ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සුන් ය. ඇතුළතින් මිනීමරුවන් ය. දාම ඝාතකයන් ය. වාර්ගික සංහාරකයන් ය.

ආමේන්!

- ඉසුරු උදාකර යකන්දාවල
Isuru Udakara Yakandawala



Comments

Post a Comment

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ගින්නෙන උපන් අරුමැසිය

ගින්නෙන උපන් අරුමැසිය ලාංකීය මෙන්ම විදෙස් තලවලද වැඩි ප්‍රෙක්ෂක අකාර්ෂණයට බඳුන් වූ සිනමා නිර්මාණ පවති.අශෝක හඳගමගේ 'ඇගේ ඇස අඟ' චිත්‍රපටයට විචාර 50කට අදික සංඛ්‍යාවක් ලියවී ඇතැයි කියවේ.ඒවා චිත්‍රපටයට ඇගයුමක් හෝ ගැරහුමක් වුවද ඒ තුළින් විදග්ධ ප්‍රෙක්ෂක නැමියාවක් එම චිත්‍රපටයට ලබා ගත හැකිව තිබේ.'ගින්නෙන් උපන් සීතය එය අභිබවා යමින් කුඩා මිතුරු එකමුතු තුළ සිට විචාර වීමංසන දක්වා කතාවට ගැනෙන හා සමාජ ජාල තුළ අප්‍රමාණ කතා බහට ලක් වූ කෘතියකි.නවමු ශානරයක් වෙත සිංහල සිනමාව මේ තුළින් අත්පොත් තබනවා වීම ද සුවිශේෂයකි.විජේවීරගේ චරිතය අලලාම නිර්මාණය වීම නිසා ම සරල රසිකත්වයක සිට ඉහළට ප්‍රෙක්ෂක පාරසයක් කරා දිව යයි. මේ හේතුවෙන් වීජේවීර හා ලාංකීය විමුක්තිකාමී වම සර්ව පාන්තික භාෂාවක් බවට පත්ව ඇත.ශානරයක් වශයෙන් චරිතාපදාන සිනමා කෘතියක් යන මෙය තුළින් පෙර පැවති ලාංකීය ගෝ‍ත්‍රික සිනමාව යම් වෛෂික ආස්ථානයකට ගෙන එයි.ඒ හැරෙන්නට මෑත ක⁣ලයේදී ලාංකීය සිනමාවෙ බිහි වූවේ අතීත.කතා තුළ සිටින මිනිසුන්ගෙ රළු ප්‍රතිචාර රැගත් චිත්‍රපට පමණි. දුරස්ථීකරණය යන වදන සමස්ත දේශපාලන මෙන්ම කලා විෂය පරාසය තුළ ද සකච්ඡාවට ගැනෙන වචනයකි...

මරණය හා වරණය

මරණයක් යනු ක්ෂතිමය අත්දැකීමකි.(Traumatic Experience)මේ ⁣එසේ මරණීයත්වයේ ආශක්තතාව තුළ සිට ගමන් කරන ලද කතාවයි.... මිනිස් ජිවිතය යනු ජීවත් වීමට පමණක් නොව මරණය සඳහාද ආශව දිශානත කරන ලද නිර්මාණයකි.ඒ අනුව අතීතයේ සිටම මරණීයත්ය තුළින් මිනිසා ජීවිතය සොයා ගියහ.ප්‍රේමවන්තයින් ෆූජීයාම කන්දෙන් බිමට පැන්නෙ ඒ නිසාය.ශාස්තෘවරුන් අත්තඛිලමතානුයෝගයට බැදුනේ ඒ නිසාය.තවදුරටද නූතන ධනවාදී  සමාජ දේහය තුළ ඇල්බෙයා කෙමු වැනි සාන්දෘෂ්ටික ලේඛකයින් ස්වයං ඝාතනයද තම අයිතියක් ලෙස සළකන ලද්දේ මේ හෙයිනි. ධනවාදය තුළ සාමාජය අධිවේග⁣යෙන් අලුත්වැඩියා කරනු ලබයි.ඒකි අලුත් වැඩියාව තුළදී සංස්කෘතීන් භාෂාවන් කලාවන් විසරණය වීම මෙන්ම විනාශ වී යාමද නව සංස්කෘතීන් බිහිවීමද සිදුවිනි.එකී තර්කනය තුළ නව අධිරාජ්‍යවාදයක් ගෝලීය සමාජය තුළ බිහිවුනු අතර ඇමරිකාව හා යුරෝපා රටවල් පශ්චාත් යටත්විජිත ලෝකය තුළ ධනවාදී ප්‍රවාහයේ අධිපතිවාදී නියමුවෝ වුහ.සිහි විසංඥ කරවන මෙකි ප්‍රවාහය තුළ ඇමරිකාව අැතුලු අධිරාජ්‍යවාදය තෙල් සුවඳ හරහා මැදපෙරදිගට පැමිණියහ.සංස්කෘතියට එදිරිවමින් අධිරාජ්‍යවාදී-ධනවාදී හස්තය මැද පෙරදිග පුරා ගමන් කරද්දි පවතින ධනපති ක්‍රමවේදට විසඳුම ලෙස...