Skip to main content

බැඳීමේ භෞතික විද්‍යාව

සෑම බැඳීමක ම බර තීරණය වෙන්නෙ ඉතිහාසයත් එක්ක. ඉතිහාසය විසින් ඒ ඒ බැඳීම් වෙත කොච්චර බරක් දීල තියනව ද කියන එක මත තමයි ඒ බැඳීම්වල බර තිරණය වෙන්නෙ. හැම බැඳීමක් ම බැඳීමක් විදිහට නැඟී සිටින්නෙ මේ ඓතිහාසික බරත් දරාගෙන. සමහර බැඳීම් ඉතිහාසයේ බරත් එක්කයි සෑහෙන්න තදින් අපිට දැනෙන්නෙ. පෑරෙන්නෙ. කාලය කියන්නෙ ඉතිහාසයේ නිර්මාණකරු. ඉතිහාසයේ ධාරිතාව තීරණය කරන්නෙ කාලය. කාලය හා අවකාශය කියන්නෙ ගැඹුරු විෂයක් විද්‍යාව ඇතුළෙ. ඒ මොනව උනත් කාලය විසින් ධාරිතාව තීරණය කරගෙන ඉතිහාසය විසින් අපේ බැඳීම්වලට ඉසිලිය නො හැකි බරක් ලබා දෙනවා. ඒ බර කොච්චර ද කියනව නම් තමන්ගෙ බැඳීම් බිදෙද්දි කම්පා වෙන්නෙ, තිගැස්සෙන්නෙ, හඬා වැටෙන්නෙ ඊටත් එහාට ගිහින් තමන්ට අහිමි වන බැඳීම වෙනුවෙන් තමන්ගෙ ජීවිතය පවා නැති කරගන්නෙ ඉතිහාසය විසින් බැඳීමකට දීල තියන බරත් එක්ක. ඉතිහාසයේ බර මනින දී කාලය මනින ඒකකයක් තියනවා. ඒ තමයි මතක ය. මතකයේ එක්ක භාවිතා කරල බැඳීමක ඉතිහාසයේ බර මනින්න අපිට පුලුවන්.

ඒ විදිහට මනිද්දි අපිට තේරෙනවා සමහර බැඳීම් එක්ක අපි ගත කරල තියෙන්නෙ බොහොම කුඩා කාලයක්. ඒත් අපි සටහන් කර ගන්න මතකයන් ප්‍රමාණය වැඩියි. සමහර බැඳීම් සෑහෙන්න කාලයක් සහිත උනාට මතක සීමිතයි. ඒ නිසා ඒ බැඳීම්වලට එකතු වෙන මතකයේ බර කුඩයි. මේ නිසා බැඳීමක කාලය මනින්නෙ සාමාන්‍ය ජොර්ජියානු කැලෙන්ඩරය අනුව නෙවෙයි මතකවල ධාරිතාවට අනුව. මේ නිසා ඉතිහාසයේ බර සමීකරණයකින් පහළ ආකාරයට සාධනය කරල අපිට පෙන්නන් පුලුවන්.

                 කාලය = ඉතිහාසයේ බර
නමුත්,     
                කාලය = මතක ධාරිතාව

එමනිසා, 
               මතක ධාරිතාවය = ඉතිහාසයේ බර

උදාහරණයකින් අපි මේ දේ පැහැදිලි කරගත්තොත් අපි ගොඩක් ළඟින් ඇසුරු කරපු කෙනෙක් අපෙන් වෙන් වෙන්න පුලුවන්. ඇය / ඔහු තමන්ගෙ ජීවිතයේ ඉතා ම පුංචි කාල පරාසයක් නියෝජනය කළත් අපිට තදින් එයාව දැනෙනවා නම්, අපිට ඒක පැහැදිලි කරගන්න වෙන්න ඉහත සමීකරණයෙන්. තමන්ට එයාව කොච්චර පොඩි කාලයකට තමන් ළඟට ඇවිල්ල ගියත් මතකයන්වල ප්‍රමාණය සංඛ්‍යාත්මකව වගෙ ම ප්‍රමාණාත්මකව බොහොම විශාලයි නම් අපිට ඒ කෙනා ව නැතුව ම බැරි වෙන්න පුලුවන්. ඒක තමයි අපේ ඒ බැඳීමට නිශ්චිත කාලයකදි දුන්න ඉතිහාසයේ බර. ඒ ඉතිහාසයේ බරින් අපිට අපි මැරෙනකන් නිදහස් වෙන්න බැරි වෙන්න පුලුවන්. බැඳීමක වටිනාකම ඉතිහාසය බරට අදාළව කවදාවත් කාලය එක්ක විතරක් අපිට තීරණය කරන්න බෑ. කොච්චර පොඩි කාලක දී වුණත් අසීමිත මතක වර්ෂාවක් තමන් මතට කඩා වට්ටන කෙනෙක් අහිමි කරගන්න එක හොඳ නැති වෙන්නෙ කාලය කෙටි වුණත් අපි නොදැනම අපි විසින් ඒ කෙනාට දෙනා ඉතිහාසයේ බර අසීමිතිව වැඩි නිසයි.

ඒ නිසා කුඩා කාලයක දී විශාල මතක ධාරිතාවක් සහිත විසල් ඉතිහාස බරක් දාරා ගත්ත කෙනෙක් අහිමි කරගන්න කලින් දෙපාරක් හිතන්න!

- ඉසුරු උදාකර යකන්දාවල 



Comments

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ගින්නෙන උපන් අරුමැසිය

ගින්නෙන උපන් අරුමැසිය ලාංකීය මෙන්ම විදෙස් තලවලද වැඩි ප්‍රෙක්ෂක අකාර්ෂණයට බඳුන් වූ සිනමා නිර්මාණ පවති.අශෝක හඳගමගේ 'ඇගේ ඇස අඟ' චිත්‍රපටයට විචාර 50කට අදික සංඛ්‍යාවක් ලියවී ඇතැයි කියවේ.ඒවා චිත්‍රපටයට ඇගයුමක් හෝ ගැරහුමක් වුවද ඒ තුළින් විදග්ධ ප්‍රෙක්ෂක නැමියාවක් එම චිත්‍රපටයට ලබා ගත හැකිව තිබේ.'ගින්නෙන් උපන් සීතය එය අභිබවා යමින් කුඩා මිතුරු එකමුතු තුළ සිට විචාර වීමංසන දක්වා කතාවට ගැනෙන හා සමාජ ජාල තුළ අප්‍රමාණ කතා බහට ලක් වූ කෘතියකි.නවමු ශානරයක් වෙත සිංහල සිනමාව මේ තුළින් අත්පොත් තබනවා වීම ද සුවිශේෂයකි.විජේවීරගේ චරිතය අලලාම නිර්මාණය වීම නිසා ම සරල රසිකත්වයක සිට ඉහළට ප්‍රෙක්ෂක පාරසයක් කරා දිව යයි. මේ හේතුවෙන් වීජේවීර හා ලාංකීය විමුක්තිකාමී වම සර්ව පාන්තික භාෂාවක් බවට පත්ව ඇත.ශානරයක් වශයෙන් චරිතාපදාන සිනමා කෘතියක් යන මෙය තුළින් පෙර පැවති ලාංකීය ගෝ‍ත්‍රික සිනමාව යම් වෛෂික ආස්ථානයකට ගෙන එයි.ඒ හැරෙන්නට මෑත ක⁣ලයේදී ලාංකීය සිනමාවෙ බිහි වූවේ අතීත.කතා තුළ සිටින මිනිසුන්ගෙ රළු ප්‍රතිචාර රැගත් චිත්‍රපට පමණි. දුරස්ථීකරණය යන වදන සමස්ත දේශපාලන මෙන්ම කලා විෂය පරාසය තුළ ද සකච්ඡාවට ගැනෙන වචනයකි...

මරණය හා වරණය

මරණයක් යනු ක්ෂතිමය අත්දැකීමකි.(Traumatic Experience)මේ ⁣එසේ මරණීයත්වයේ ආශක්තතාව තුළ සිට ගමන් කරන ලද කතාවයි.... මිනිස් ජිවිතය යනු ජීවත් වීමට පමණක් නොව මරණය සඳහාද ආශව දිශානත කරන ලද නිර්මාණයකි.ඒ අනුව අතීතයේ සිටම මරණීයත්ය තුළින් මිනිසා ජීවිතය සොයා ගියහ.ප්‍රේමවන්තයින් ෆූජීයාම කන්දෙන් බිමට පැන්නෙ ඒ නිසාය.ශාස්තෘවරුන් අත්තඛිලමතානුයෝගයට බැදුනේ ඒ නිසාය.තවදුරටද නූතන ධනවාදී  සමාජ දේහය තුළ ඇල්බෙයා කෙමු වැනි සාන්දෘෂ්ටික ලේඛකයින් ස්වයං ඝාතනයද තම අයිතියක් ලෙස සළකන ලද්දේ මේ හෙයිනි. ධනවාදය තුළ සාමාජය අධිවේග⁣යෙන් අලුත්වැඩියා කරනු ලබයි.ඒකි අලුත් වැඩියාව තුළදී සංස්කෘතීන් භාෂාවන් කලාවන් විසරණය වීම මෙන්ම විනාශ වී යාමද නව සංස්කෘතීන් බිහිවීමද සිදුවිනි.එකී තර්කනය තුළ නව අධිරාජ්‍යවාදයක් ගෝලීය සමාජය තුළ බිහිවුනු අතර ඇමරිකාව හා යුරෝපා රටවල් පශ්චාත් යටත්විජිත ලෝකය තුළ ධනවාදී ප්‍රවාහයේ අධිපතිවාදී නියමුවෝ වුහ.සිහි විසංඥ කරවන මෙකි ප්‍රවාහය තුළ ඇමරිකාව අැතුලු අධිරාජ්‍යවාදය තෙල් සුවඳ හරහා මැදපෙරදිගට පැමිණියහ.සංස්කෘතියට එදිරිවමින් අධිරාජ්‍යවාදී-ධනවාදී හස්තය මැද පෙරදිග පුරා ගමන් කරද්දි පවතින ධනපති ක්‍රමවේදට විසඳුම ලෙස...