Skip to main content

දඩයම (1984 - IMDb 7.9)

දඩයමක සාමන්‍යයෙන් පාර්ශවකාරයො වෙන දෙපාර්ශවයක් ඉන්නවා.එක කොටසක් දඩයම් කරගන්නවා.තව කොටසක් දඩයමට ගොදුරු වෙනවා.ඉතිහාසය පුරාවට එකිනෙකා මේ පාර්ශව දෙක මාරු කරගෙන රඟපෑවා.මේ සම්බන්ධය කොච්චර සාමන්‍යය ද කියනව නම් අද වෙද්දි ගොදුරු කරගැනීම හා ගොදුරු වීම අතිශයින් සාමන්‍යයි.අද වෙද්දි ඒක අපේ ජීවිතේම කොටසක්.එක්තර විදිහකට ⁣අපේ පැවැත්ම රැදෙන්නෙත් ගොදුරු වීම හා ගොදුරු කරගැනීම මතමයි.ඒක හුස්ම ගන්න තරම් හරිම සාමන්‍යයි.පන්තියේ වෙනියා තෝරන විභාගයකට පොර බඳනවා කියන එකේදි ම දරුවෙක් දඩයක්කාරයෙක් වෙනවා.තව දරුවෙක් දඩයමක් වෙනවා.හැබැයි අපි අමතක කරගන්න දේ තමයි ඒ ළමයි දෙන්නම මේ පද්ධතිය ඇතුළෙ ගොදුරක් කියන එක.ඒ කියන්නෙ දඩයම විතරක් නෙවෙයි දඩයක්කාරයත් දඩයමේම ගොදුරක්.ගොදුර කෙතරම් දක්ෂ ලෙස තමා සතු කරගත්තත් ඔහු ගොදුරක් වෙලා ඉවරයි.මාක්ස්වාදය ඇතුළෙ අපට උගන්වල තියෙන්නෙ ඉතිහාසය ධනපතියාගේ ඉතිහාසය මිසක් සමස්ත පීඩිත මනුෂ්‍යාගේ ඉතිහාසය නෙවෙයි කියල.ඒ කියන්⁣නෙ නිර්ධනය ගොදුරු කරගන්න ධනපති දඩයක්කාරයාගේ ඉතිහාසයක්.ඒත් ඒ ඉතිහාසය අපට සඟවන දෙයක් තියනවා.ඒ දඩයම සිදු කරන්නෙක් වීමේ විනෝදය, වේදනාව, පීඩාව හා කාන්සිය.ධනපතියාට හිමි ඉතිහාසයේ වීරත්වය තුළ අහිමි වන සත්‍ය මෙම පීඩාවයි.නමුත් පෙර කී ඓතිහාසික ඛණ්ඩාංක වෙනස් කරමින් වසන්ත ඔබේසේකරගේ 'දඩයම' චිත්‍රපටය තුළ ගොදුරු වන්නා මෙන්ම ගොදුර දැහැ ගන්නා පුද්ගලයාට ද එම දඩයමේම ගොදුර බවට පත් වන ආකාරයට ප්‍රේක්ෂක ඇස යොමු කරයි.චිත්‍රපටය තුළ ගොදුරු කරගන්නා විඳින මානසික ආතතිය තුළින් ඔහු කෙරෙහි අනුකම්පාවක් චිත්‍රපට තුළ ඇති කරන්නෙ අධිපතියාගේ වේදනාව ද ඉතිහාසය තුළට එකතු කරමිනි.මේ නිසා ගොදුර බවට පත්වන රත්නාට(ස්වර්ණා මල්ලවආරච්චි) වඩා ගොදුරු කරගන්නා බවට පත්වන ජයනාත්ට(රවීන්ද්‍ර රන්දෙණිය) ප්‍රේක්ෂකයා වඩ වඩාත් ඒකත්මික වීමකට තැත් කරයි.පාසල් දැරියකට දරුවෙක් දී පැන යන දඩකක්කාරී පිරිමියාගේ භුමිකාවට එම වරදින් ගැලවීමට මානසිකව සුභ පැතීමට චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයා ආශා කරන්නෙ මේ තත්වය තුළයි.එය ඉතිහාසය විසින් අමතක කරන ලද දඩයක්කාරයාගේ භුමිකාවට කරනු ලබන ඓතිහාසික උත්තමාචාරයක් බඳුය.අවසන් වශයෙන් දඩයමට ලක් වන්නා මෙන්ම දඩයක්කාරයා ද මෙම පීඩාකාරි සමාජ ක්‍රමය තුළ තවත් එක් ගොදුරක්ම පමණක් බව චිත්‍රපටය තුළ ඔබේසේකරයන් චිත්‍රණය කරයි.

​️Title: Dadayama (1984)
Also Known As: Dadayama (1984)
Rating ⭐️: 7.9 / 10
(7.9 based on 24 user ratings) | Drama |  |
Release Info: 11 June 1984 (Sri Lanka)

Genre: 🎭 #Drama
Language:  #Sinhalese
Country of Origin:  #Sri Lanka

Story Line: A woman plots her revenge after being duped by a slick, ruthless man who impregnates her and tries to bail out of marriage. Based on a true story.

Director:  Wasantha Obesekara

Stars:  Swarna Mallawarachchi Ravindra Randeniya Somy Ratnayake 

- ඉසුරු උදාකර යකන්දාවල 


Comments

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ගින්නෙන උපන් අරුමැසිය

ගින්නෙන උපන් අරුමැසිය ලාංකීය මෙන්ම විදෙස් තලවලද වැඩි ප්‍රෙක්ෂක අකාර්ෂණයට බඳුන් වූ සිනමා නිර්මාණ පවති.අශෝක හඳගමගේ 'ඇගේ ඇස අඟ' චිත්‍රපටයට විචාර 50කට අදික සංඛ්‍යාවක් ලියවී ඇතැයි කියවේ.ඒවා චිත්‍රපටයට ඇගයුමක් හෝ ගැරහුමක් වුවද ඒ තුළින් විදග්ධ ප්‍රෙක්ෂක නැමියාවක් එම චිත්‍රපටයට ලබා ගත හැකිව තිබේ.'ගින්නෙන් උපන් සීතය එය අභිබවා යමින් කුඩා මිතුරු එකමුතු තුළ සිට විචාර වීමංසන දක්වා කතාවට ගැනෙන හා සමාජ ජාල තුළ අප්‍රමාණ කතා බහට ලක් වූ කෘතියකි.නවමු ශානරයක් වෙත සිංහල සිනමාව මේ තුළින් අත්පොත් තබනවා වීම ද සුවිශේෂයකි.විජේවීරගේ චරිතය අලලාම නිර්මාණය වීම නිසා ම සරල රසිකත්වයක සිට ඉහළට ප්‍රෙක්ෂක පාරසයක් කරා දිව යයි. මේ හේතුවෙන් වීජේවීර හා ලාංකීය විමුක්තිකාමී වම සර්ව පාන්තික භාෂාවක් බවට පත්ව ඇත.ශානරයක් වශයෙන් චරිතාපදාන සිනමා කෘතියක් යන මෙය තුළින් පෙර පැවති ලාංකීය ගෝ‍ත්‍රික සිනමාව යම් වෛෂික ආස්ථානයකට ගෙන එයි.ඒ හැරෙන්නට මෑත ක⁣ලයේදී ලාංකීය සිනමාවෙ බිහි වූවේ අතීත.කතා තුළ සිටින මිනිසුන්ගෙ රළු ප්‍රතිචාර රැගත් චිත්‍රපට පමණි. දුරස්ථීකරණය යන වදන සමස්ත දේශපාලන මෙන්ම කලා විෂය පරාසය තුළ ද සකච්ඡාවට ගැනෙන වචනයකි...

මරණය හා වරණය

මරණයක් යනු ක්ෂතිමය අත්දැකීමකි.(Traumatic Experience)මේ ⁣එසේ මරණීයත්වයේ ආශක්තතාව තුළ සිට ගමන් කරන ලද කතාවයි.... මිනිස් ජිවිතය යනු ජීවත් වීමට පමණක් නොව මරණය සඳහාද ආශව දිශානත කරන ලද නිර්මාණයකි.ඒ අනුව අතීතයේ සිටම මරණීයත්ය තුළින් මිනිසා ජීවිතය සොයා ගියහ.ප්‍රේමවන්තයින් ෆූජීයාම කන්දෙන් බිමට පැන්නෙ ඒ නිසාය.ශාස්තෘවරුන් අත්තඛිලමතානුයෝගයට බැදුනේ ඒ නිසාය.තවදුරටද නූතන ධනවාදී  සමාජ දේහය තුළ ඇල්බෙයා කෙමු වැනි සාන්දෘෂ්ටික ලේඛකයින් ස්වයං ඝාතනයද තම අයිතියක් ලෙස සළකන ලද්දේ මේ හෙයිනි. ධනවාදය තුළ සාමාජය අධිවේග⁣යෙන් අලුත්වැඩියා කරනු ලබයි.ඒකි අලුත් වැඩියාව තුළදී සංස්කෘතීන් භාෂාවන් කලාවන් විසරණය වීම මෙන්ම විනාශ වී යාමද නව සංස්කෘතීන් බිහිවීමද සිදුවිනි.එකී තර්කනය තුළ නව අධිරාජ්‍යවාදයක් ගෝලීය සමාජය තුළ බිහිවුනු අතර ඇමරිකාව හා යුරෝපා රටවල් පශ්චාත් යටත්විජිත ලෝකය තුළ ධනවාදී ප්‍රවාහයේ අධිපතිවාදී නියමුවෝ වුහ.සිහි විසංඥ කරවන මෙකි ප්‍රවාහය තුළ ඇමරිකාව අැතුලු අධිරාජ්‍යවාදය තෙල් සුවඳ හරහා මැදපෙරදිගට පැමිණියහ.සංස්කෘතියට එදිරිවමින් අධිරාජ්‍යවාදී-ධනවාදී හස්තය මැද පෙරදිග පුරා ගමන් කරද්දි පවතින ධනපති ක්‍රමවේදට විසඳුම ලෙස...