Skip to main content

යාල්පානම් රේල්ලුව සහ අපි (யாழ்ப்பாண ரயில்வே மற்றும் நாங்கள்)


ගිය තුන් වෙනිද නමයෙ අන්තිම කෝච්චියෙ (නයිට් මේල් එකේ) අපිට යාපනේ යන්න උනේ.හිතුවේ අන්තිම කෝච්චිය නිසා කිසිම අවුලත් නැතුව මිනිස්සු අඩු වෙච්චි කෝච්චියක යන්න පුලුවන් වෙයි කියල.ඒත් වැඩේ එහෙම උනේ නෑ.අපිට සීට් තිබ්බෙ නෑ.කෝච්චියෙ ටිකක් ඉද්දි එහෙන් මෙහෙන් සීට් හම්බුනා.පොල්ගහවෙලට යන්න කලින් ළඟම සීට් නැති උනත් ළඟ ළඟ තිබ්බ සීට් ටිකකට එන්න පුලුවන් උනා.ඔහොම ඉඳගෙන බොංගො එකකුත් තියාගෙන සිංදුවක් කියන්න කට්ටිය එක ළඟට සෙට් වෙනකන් හිටියෙ.ඔය ඒ මේ අතර දෙමළ කොල්ලො ටිකක් කෝ්ච්චි පෙට්ටි දිගේ එහෙ මෙහෙ යනවා.අපිත් සිංදුවක් කියන්න කියල ඉන්නකොටම යාලුවෙක් අතේ තිබ්බ බොං⁣ගෝ එක "පොඩි ෆන් එකක් අරගෙන දෙන්නම්" කියල එක කොල්ලෙක් යාලුව එක්ක කතා කරල අරගත්ත.අ⁣පේ එකත් නොදී බැරිකමට දුන්නා.උන් ටික අපිටත් සිංදු කියන්න එන්න කියාගෙන ගියා.අපි බිරන්ත වෙලා එක එකාගෙ මූණ බලාගත්ත ගමන් හිටිය.අපිට සිංදුත්  නෑ බොංගොත් නෑ.ඔහොම ඉඳල අපේ එක එකාව ඒ දෙමළ කොල්ලො ටිකම ඇඳල ගත්ත සිංදු කියන්න.කොහොමහරි ⁣රෑ එක දෙක වෙද්දි කල්ලි දෙකක් නෑ.සිංහල දෙමළ සිංදු මරුවෙන් මාරුවට කෝච්චියෙ දිගෙ ඇවිදිනවා.ඒක වෙනම අත්දැකීමක්.ඒත් විශේෂයෙන් ම කියන්න ඕනිම දේ එ්ක නෙවෙයි.කෝචියෙදි සිංදු කියද්දියි,අනික් කෙනා එක්ක කතා කරද්දියි අපිට භාෂාවෙ පොඩි අවුල් ටිකක් තිබ්බා.⁣නටද්දිනම් එහෙ කිසිම අවුලක් නැ.භේද නැතුව වල් අඩි ගැහුවෙ කොච්චියෙ ගැන්සිල්ල එක්ක සෙට් වෙන්න.ඒත් කතා කරද්දි සිංදු කියද්දි පොඩ්ඩක් අමාරුයි.දෙමළ උන් ටිකට සිංහල හරියට බෑ.ඊට එහා අපේ එකෙක්ට ඇරෙන්න දෙමළ ඇල පිලක් ඉස්පිලක්වත්  දන්න එකෙක් නෑ.එහෙම උනාට අපි උන්ව ටික ටික අඳුන ගත්ත.අපි රත්නපුරේ.එයාල කොළඹ සයිට්වල දාඩිය දිය කරන යාපනෙ කට්ටියක්.එක්කෙනක්ගෙ ගම්පළාතම නාරහෙන්පිට.අනික් ගොඩක් අය යාපනය,කුරික්කණ්ඩුවාන්,චුන්නාකම් වගේ පැතිවල.ජැෆ්නා කොච්චිය කියන්නෙ වෙනම තැනක් වෙන්නෙ ඒකෙ අපි කොච්චර පුංචිද කියල තේරෙන නිසා.ඒක ඇතුළෙ අපි කාටවත් අඳුනගන්න අනික් කෙනාට බැ.එහෙමත් නැත්නම් අමාරුයි.භාෂා වෙනස්,පාට වෙනස්,විදිහ වෙනස්.අපි මාරම ගේමක් දීගෙන වචන ⁣දෙපැත්තට කතා කරගත්තෙ.ඒ අතර තමන් කවුද කියන එක හරිම අමාරුයි.එකෙදි එක දෙමළ කොල්ලෙක් කියපු එකක් ඇති මේ රට ඇතුලෙ  අපි මොක්කුද කියල තේරුන් ගන්න.අැන්ටා කියල කොල්ලෙක් හිටිය සිංදු කියන්න අාපු.මිනිහගෙ ඇත්ත නම ඒක නෙවෙයි.එවලෙ කට්ටිය ෆිට් එකට කිව්ව නම.හකු බැහැපු,කෙට්ටු,උස,කළු කොල්ලෙක්.ඇන්ට කුරුකණ්ඩුවාන්වල.ඇන්ටා මිනිහ කුරුකණ්ඩුවාන්වල කියන ගමන් තව දෙයක් කිව්ව.එයා විද්‍යාගෙ ක්ලාස්මේට් කියල.අන්න එතනදි තමයි "අහා එහෙමද කියල" මිනිහ ගැන හරියට හැඳිනිමක් අනන්‍යතාවක් අපිට ආවෙ.අපි උතුරෙ කියල දැනගෙන හිටියෙ විද්‍යාවයි, ප්‍රභාකරනුයි විතරයි.ඉතින් මිනිහා විද්‍යගෙ ක්ලාස් මේට්නෙ කියලයි අපිට මිනිහව අඳුන ගන්න ලේසිම විදිහ.අපිට නිදහස ලැබිල අවුරුදු හැත්ත 
දෙකක්.අපි කොඩිත් දැම්මනෙ හැමතැනම.ඇන්ටට අැන්ට ගැන කියද්දි එයාගෙ අනන්‍යතාව හඟවද්දි කියන්න උනේ දූෂණය කරපු තරුණ කෙල්ලෙක් ගැන.හොඳට බැලුවම උතුරටයි අපිටයි තියෙන එකම කනෙක්ෂන් එක ඒ වගේ ලේ,අමානුෂිකත්වය ගෑවිච්ච දේවල් විතරයි වගේ නෙවෙයිද?අපි දන්න උතුර විද්‍යාව දූෂනය කරපු,යන එන හැම තැනම බෝම්බ ගහපු,සිංහල අම්මලගෙ බඩ කපල දරුව අරගෙන මරල දාපු,වෙඩ් තියපු,සයනයිඩ් බෙල්ලෙ බැඳගත්තු උතුරක් විදිහට.උතුරත් දකුණ ගැන හිතනව ඇත්තෙ එයාලට වෙඩි තියපු,හැම තැනම චෙක් පොයින්ට් දාගෙන ඇඟ අතපත ගාන,ඉඩම් කොල්ල කාපු,චේට්ටියාර් වීදියෙ රත්තරන් බඩු කඩ කඩපු,මහවැලියෙ දෙමළ මිනිස්සු මරපු,සේයා දූෂනය කරපු,ග්‍රීස් යක්කු ඇවිදින දකුණක්  විදිහටම වෙන්න ඕනි.අපිට අපි ගැන කියල කියන්න තියෙන්නෙ මෙච්චරයි.ගම්පළාත ගැන ඕනිනම් උතුර තල් රා,රත්නපුර මැණික්,අම්බලංගොඩ වෙස් මූණු කියල කියාවි.ඒත් ඒ ඇරෙන්න දූෂනයක්,මිනීමැරුමක් ඇරෙන්න වෙන කනෙක්ට් වෙන්න⁣ දෙයක් අපිට තියෙද?ඒ අතින් අපි නිදහස⁣ හෙනම ගෞරවයෙන්,අභිමානයන් සමරගෙන,මාර සෞභාග්‍යයක් තියන (කියල කියන) ලාංකිකයො විදිහට වර්ග කිලෝමීටර 65610ක බිමේ,දෙවුන්දර ඉදල පේදුරුතුඩුවට එනකන්ම බැලුවත්   අපි කොච්චර පුංචි මිනිස්සුද?

ප්‍රීතිමත් නිදහස් දිනයක් වේවා!

ඉසුරු උදාකර යකන්දාවල 
2020 / 02 / 06



Comments

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ශාස්ත්‍රීය අධ්‍යාපනයේ උගුල?

බණ්ඩ (Waruna Priyan Bandara) මේ පෞද්ගලික අර්ථයෙන් කියන්න හදන අදහස ඇතුළෙ ටෙක්නිකල් ගැටලුවක් තියනවා. මේකෙ කියන විදිහට ලංකාවෙ ගොඩක් දෙනෙක් අධ්‍යාපනය ලබන්නෙ එයාලගෙ ආසාවෙන් කියන පූර්ව විනිශ්චනයක ඉඳල. ඒත් ගොඩක් අය ලංකාව වගේ රටක අධ්‍යාපනය ලබන්නෙ තමන්ගෙ සමාජ මට්ටටම වැඩි කරගෙන සල්ලි හම්බ කිරීම කියන පරමාර්ථයෙන්. හැබැයි සල්ලි හම්බ කිරීම කියන පරමාර්ථයෙන් ලෝකයෙ ම ගත්ත ම විශ්වවිද්‍යාලවල ගිහින් සෑහෙන්න ඉගෙන ගෙන සල්ලි මාර විදිහට හම්බකරනවා කියන එක කරන්න අමාරු වැඩක්. මාර විදිහට සල්ලි හම්බ කරන්න ඕනි අය ඒක කරන්නෙ නෑ. ලංකාව ඇතුළෙ ගොඩක් වෙලාවට වෙන්නෙ ලංකාවේ නොමිලෙ අධ්‍යාපනය ලබා දෙන නිසාත්, ඒක විශ්වවිද්‍යාලය දක්වා තියන නිසාත් විශ්වවිද්‍යාල දක්වා ම ඉගෙන ගෙන ඔහේ එනවා.  එහෙම නැතුව අධ්‍යාපනයට ආසාවක් හරි, ශාස්ත්‍රීය ගවේෂණයක් නෑ. මේ නිසා ⁣වෘත්තීය පුහුණවක් වගේ දෙයක් එක්ක ඉක්මනින් රැකියි ක්ෂේත්‍රයට එන්න ඕනි අය දහස් ගණනක් නිකරුණෙ තමන් ආස නැති ශාස්ත්‍රීය ක්ෂේත්‍රවලට ඇවිල්ල තදබදයක් ඇතිවෙලා තියෙන්නෙ. මේක හරියට, අධ්‍යාපන ක්‍රමය ආර්ථිකය එක්ක ගැට ගහපු දවසට බහුතරයක් වෘත්තීය හා කර්මාන්ත අධ්‍යාපනයක් අරගෙන රැකියා ආර්ථිකයට...

ලොකුයි නේද?

සාමාන්‍යයෙන් ලංකාව වගේ රටවල විවාහය කියන්නෙ සෑහෙන්න තරමක ඇල් මැරුණු සම්බන්ධයක්. සජීවී බව රැක ගැනීම, මනුෂ්‍යය බැදීමක උණුසුම රැක ගන්න සැලසුමක් ඒ ඇතුළෙ නෑ. බොහෝ විට තමන් ප්ලෑන් කරපු භෞතික දේවල් කීපයක් පස්සෙ දුවන්න හරි, අච්චුවකට වැටුණු ලයිෆ් ස්ටයිල් එකකට දුවන එක ඇරෙන්න සතුට ගැන, ට්‍රිප් එකක් ගැන, ඩේ අවුට් එකක් ගැන සැලසුමක් විවාහ සැලසුමක් ඇතුළෙ නෑ. නෙළුම් කුළුණ ෆිල්ම් එකේ පෙන්නන්නෙ මැරුණු පිරිමියෙක්ගෙ ලිංගික උත්තේජනයක් මිසක් ජීවත් වෙන මනුස්සයෙක් ගැන නෙවෙයි. ඇත්තට ම, සජීවි මනුස්සයෙක් ගත්ත ම ඒකේ යථාර්ථය මේ ලේලීල දෙන්න කතා කරනව වගේ දෙයක්. ⁣ජීව විද්‍යාත්මක විදහට නෙවෙයි මානසිකවත් විවාහක පිරිමියා බෙලහීනයි. කම්මැලි කුසීත අච්චුවෙච්චි ජීවන රටාව ඇතුළෙ පිරිමි සහ ගැහැණු බෙලහීනයි. විනෝදයෙන් විනිර්මුක්තයි. නෙළුම් කුළුණ අපිට පවසන්නේ ලංකාව වගේ කම්මැලි ජීවන රටාවක් හිමි වුණ සමාජයක මිය ගිය පිරිමියෙක් හැර ජීවත් වෙන ප්‍රාණවත් පිරිමින් නැති බවයි. පැරණි ආකෘතියෙන් මිදිල විනෝදකාමී පවුල් ආකෘතියක් ලංකාවට අවශ්‍ය වෙලා තියෙනවා. එතකන් මැරුණු පිරිමින්ගේ ප්‍රාණවත් උන පුරුෂ ලිංග ගැන කතා කර කර ම ඉන්න වෙනව අපිට.  ඉසුරු උදා...