Skip to main content

ප්‍රියංකා සහ අපි

ප්‍රියංකා සහ අපි

ඉන්දියාවෙ ප්‍රියංකා රෙඩ්ඩි දුෂණය කරල ගිනිතියපු සිද්ධිය ගැන හැමෝම කම්පා උනා.ඒ දෙවල් වෙන්නෙ ඇයි කොහොමද වෙන්නෙ කියන දේවල් මොනව උනත් හැමෝම පොස්ට් ශෙයාර් එහෙම කරගෙන සෑහෙන්න දුක් උනා.මිනිස්සු ගොඩක් වෙලාවට කැමති තමන් අනුන් ගැන හිතනවා කියල පෙන්නන් වගෙ තමන් අසාධාරණයට,අක්‍රමිතකතාවල දැක්කම සෑහෙන්න තරහ යනවා කියල පෙන්නන්.ඒ මොනව උනත් ඉන්දියාවෙ ප්‍රියංකව මරපු දූෂකයො හතර දෙනවා පැනල යන්න හදද්දි වෙඩි තියපු කතාව නිසා ලංකාවෙ අයත් අමුතුම කික් එකක චිල් එකක ඉන්නවා වගෙ පේනවා.ලංකාවෙත් අයුධ පෙන්නන් ගිහින් වෙඩි තියපුවත් මතක් වෙලා තියනවා.ඒත් එයාලට අමතක වෙලා තියනවා දුෂනයට ලක්වෙන හැම තරුණියක්ම වගෙම දුෂනය කරන හැම මිනිහෙක්මත් අපේ සාමුහික සමාජ⁣යෙ නිර්මාණ කියල.මේ අධ්‍යපන ක්‍රමයෙ,මේ අාර්ථිකයෙ කොටස් කියල.හැබැයි ⁣වරදක් උනාම අපිට අමතක වෙනවා අපි සාමුහිකව නිර්මාණය කරපු මිනීරුවො,දූෂකයො නේද මේ කියල.සැකපිට ඉන්න සැකකරුවො ටිකක් මැරුනම හුරේ දාන අයට මතක් වෙන්නෙ නෑ තමන්ටත් එහෙම උනොත් මොකද වෙන්නෙ කියල.සේයා ඝාතනයෙදි මාධ්‍ය එක්ක එකතු වෙලා සැකපිට වැරදිල අහුවෙච්චි පාසල් ශිෂ්‍යට විරුද්ධව අපි ඒ වැඩේ නියමෙට කරගෙන ගියා.බැරිවෙලා හරි සැකපිට ඉද්දි ඒ පාසල් ශිෂ්‍යාටත් ගේම දුන්නනම් මොකද වෙන්නෙ?රටේ නීතියට පිටින් කරන වැරදිකරුවන්ට දඬුවම් දෙන්න පුලුන්නම් හරිම සරලයි ⁣ඇඟෙ හැපුනත්,කකුල පෑගුවත් තියල දාන්නයි තියෙන්නෙ.ඇහුවම කියන්න තියෙන්නෙ මේ මිනිහ මට මෙහෙම කළා ඒ නිසා මරන්න උනා කියල.ඒක විතරක් නෙවෙය් මේකෙ හොඳම කතාව.ලංකාවෙ ගොඩක් අය පාර්ලිමේන්තුවෙ නීතිය,සාධාරණත්ව රකින දුෂන වංචා නැති අයව පාර්ලිමේන්තු යවන්න ඕනි කියල සෑහෙන්න කණස්සල්ලට පත්වෙලා ඉන්නෙ.හැබැයි මේ වගේ නීතියට,සාධාරණත්වය විරුද්ධ සිද්ධියක් උනාම එහෙම කියන මහජනතාවත් අනීතිය,අසාධාරණත්වය පැත්තෙ ඉදල හුරේ දානවා.ඉතින් මෙහෙම ජනතාවක් පත් කරන පාර්ලිමේන්තුවක් මෙහෙම හරි තියන එක ගැන අපි සතුටු වෙන්න ඕනි.ලව් යූ 225❤

"බ්‍රේෂ්ට් අපිට ඔයාව හැමදාම මතක් වෙනවා"

ඉසුරු උදාකර යකන්දාවල
2019 / 12 / 06

Comments

Popular posts from this blog

රැග්, ඇන්ටි රැග්

රැග් ඔලුව උඩ තියාගෙන යන අය වගේ ම ඇන්ටි රැග් කියන එක ඔලුව උඩ තියාගෙන යන දෙගොල්ලො ම එක ම කාසියෙ දෙපැත්ත වගේ.  රැග් හරි ඇන්ටි රැග් හරි ඔලුව උඩ තියාගෙන ඉන්න දෙගොල්ලො ගාව ම එක හා සමාන ලක්ෂණ ⁣දකින්න පුලුවන්.  රැග් කරන අය අනෙකාව බුලී කරන එක තමන්ගෙ පරම අයිතියක් කියල හිතාගෙන වැඩ කරනවා. ඩයි හාඩ් ඇන්ටි රැගර්ස්ලගෙත් ඊට නොදෙවෙනි විදිහට සෝශල් මීඩිය අස්සෙ කොයි විදිහකින් හරි කවුරුහරි බුලී කරන්න තියෙන අවශ්‍යතාව හොඳට කැපිල පේනවා. රැගර්ස්ලා රැග් නොවෙන උන්ව අලයො විදිහට පෞරුෂය හීන විදිහට හුවා දක්වන්න ට්‍රයි කරද්දි ඇන්ටි රැගර්ස්ලා ඉස්කෝලෙ කාලෙ අල උනු නිසා කැම්පස් ඇවිත් පොරවල් වෙන්න ට්‍රයි කරනවා කියල කෑ ගහනවා. දෙකෙන් ම කරන්නෙ හීන පෞරුෂය පහත් කරන එක. හැබැයි දෙගොල්ලොන් ම තමන්ගෙ හීන පෞරුෂය වහගන්න ප්‍රචණ්ඩ විදිහට කුණුහර්ප වපුරන එක විතරයි කරන්නෙ.  කෙනෙක් සමාජීය ප්‍රශ්නයකට ප්‍රමාණය ඉක්මවා ඇග්‍රසිව් වෙලා ඒ සමාජ ගැටලුව කවුරුහරි බුලී කරන්න යූස් කරනව කියන්නෙ ම එතන තියනවා ඔය එකිනෙකාට හරවන්න හදන තමන්ගෙ හීන පෞරුෂයේ වේදනාව. ඒකෙන් කියවෙන්නෙ තමන් පොරක් කියල පෙන්නන් නම් තමන් ප්‍රචණ්වෙලා කාවහරි හිංසනයට ලක් කළ යු...

ශාස්ත්‍රීය අධ්‍යාපනයේ උගුල?

බණ්ඩ (Waruna Priyan Bandara) මේ පෞද්ගලික අර්ථයෙන් කියන්න හදන අදහස ඇතුළෙ ටෙක්නිකල් ගැටලුවක් තියනවා. මේකෙ කියන විදිහට ලංකාවෙ ගොඩක් දෙනෙක් අධ්‍යාපනය ලබන්නෙ එයාලගෙ ආසාවෙන් කියන පූර්ව විනිශ්චනයක ඉඳල. ඒත් ගොඩක් අය ලංකාව වගේ රටක අධ්‍යාපනය ලබන්නෙ තමන්ගෙ සමාජ මට්ටටම වැඩි කරගෙන සල්ලි හම්බ කිරීම කියන පරමාර්ථයෙන්. හැබැයි සල්ලි හම්බ කිරීම කියන පරමාර්ථයෙන් ලෝකයෙ ම ගත්ත ම විශ්වවිද්‍යාලවල ගිහින් සෑහෙන්න ඉගෙන ගෙන සල්ලි මාර විදිහට හම්බකරනවා කියන එක කරන්න අමාරු වැඩක්. මාර විදිහට සල්ලි හම්බ කරන්න ඕනි අය ඒක කරන්නෙ නෑ. ලංකාව ඇතුළෙ ගොඩක් වෙලාවට වෙන්නෙ ලංකාවේ නොමිලෙ අධ්‍යාපනය ලබා දෙන නිසාත්, ඒක විශ්වවිද්‍යාලය දක්වා තියන නිසාත් විශ්වවිද්‍යාල දක්වා ම ඉගෙන ගෙන ඔහේ එනවා.  එහෙම නැතුව අධ්‍යාපනයට ආසාවක් හරි, ශාස්ත්‍රීය ගවේෂණයක් නෑ. මේ නිසා ⁣වෘත්තීය පුහුණවක් වගේ දෙයක් එක්ක ඉක්මනින් රැකියි ක්ෂේත්‍රයට එන්න ඕනි අය දහස් ගණනක් නිකරුණෙ තමන් ආස නැති ශාස්ත්‍රීය ක්ෂේත්‍රවලට ඇවිල්ල තදබදයක් ඇතිවෙලා තියෙන්නෙ. මේක හරියට, අධ්‍යාපන ක්‍රමය ආර්ථිකය එක්ක ගැට ගහපු දවසට බහුතරයක් වෘත්තීය හා කර්මාන්ත අධ්‍යාපනයක් අරගෙන රැකියා ආර්ථිකයට...

ලොකුයි නේද?

සාමාන්‍යයෙන් ලංකාව වගේ රටවල විවාහය කියන්නෙ සෑහෙන්න තරමක ඇල් මැරුණු සම්බන්ධයක්. සජීවී බව රැක ගැනීම, මනුෂ්‍යය බැදීමක උණුසුම රැක ගන්න සැලසුමක් ඒ ඇතුළෙ නෑ. බොහෝ විට තමන් ප්ලෑන් කරපු භෞතික දේවල් කීපයක් පස්සෙ දුවන්න හරි, අච්චුවකට වැටුණු ලයිෆ් ස්ටයිල් එකකට දුවන එක ඇරෙන්න සතුට ගැන, ට්‍රිප් එකක් ගැන, ඩේ අවුට් එකක් ගැන සැලසුමක් විවාහ සැලසුමක් ඇතුළෙ නෑ. නෙළුම් කුළුණ ෆිල්ම් එකේ පෙන්නන්නෙ මැරුණු පිරිමියෙක්ගෙ ලිංගික උත්තේජනයක් මිසක් ජීවත් වෙන මනුස්සයෙක් ගැන නෙවෙයි. ඇත්තට ම, සජීවි මනුස්සයෙක් ගත්ත ම ඒකේ යථාර්ථය මේ ලේලීල දෙන්න කතා කරනව වගේ දෙයක්. ⁣ජීව විද්‍යාත්මක විදහට නෙවෙයි මානසිකවත් විවාහක පිරිමියා බෙලහීනයි. කම්මැලි කුසීත අච්චුවෙච්චි ජීවන රටාව ඇතුළෙ පිරිමි සහ ගැහැණු බෙලහීනයි. විනෝදයෙන් විනිර්මුක්තයි. නෙළුම් කුළුණ අපිට පවසන්නේ ලංකාව වගේ කම්මැලි ජීවන රටාවක් හිමි වුණ සමාජයක මිය ගිය පිරිමියෙක් හැර ජීවත් වෙන ප්‍රාණවත් පිරිමින් නැති බවයි. පැරණි ආකෘතියෙන් මිදිල විනෝදකාමී පවුල් ආකෘතියක් ලංකාවට අවශ්‍ය වෙලා තියෙනවා. එතකන් මැරුණු පිරිමින්ගේ ප්‍රාණවත් උන පුරුෂ ලිංග ගැන කතා කර කර ම ඉන්න වෙනව අපිට.  ඉසුරු උදා...