ලංකාවේ තරම් චන්ඩි ඉන්න රටක් හොයාගන්න ලෝකෙ කොහෙවත් නෑ.මේ ළඟ දී පොඩි ළමයෙක් ඉස්සරහ වැඩිහිටි මනුස්සයෙක් සරම උස්සල තිබ්බා.ඒක Cctv වල තිබිලා දෙරණෙ ගිහින් චතුර අල්විස් ශෙයාර් කරල තිබ්බා නරුමයො කියල.එයාලගෙ ප්රවෘත්ති වාර්තාකරණය එහෙමයි.
මානසික ගැටලු තියන මිනිස්සුව නරුමයෝ කරල පෙන්නපු ඒ වගේ මාධ්‍ය නිසා තමයි මේ වගේ ප්‍රශ්නවලට තවම රටක් විදිහට අපිට විසඳුම් හොයාගන්න බැරි වෙලා තියෙන්නෙ.....
සිරියාවති නැන්දගෙ රොයිටරේ ඔයිට හොඳයි😂
ඔය වගෙ ගැටලුවලට නීති තර්ක ගෙනවා කියල කිසිම දෙයක් වෙන්නෙ නෑ....😂
ඒත් ඒ චතුරගෙ පෝස්ට් එකටම කොමෙන්ට් කරපු අයියල සෙට් එකක් හිටියා.එයාල කියල තිබ්බේ,
"ඔකුන්ව එල්ලන ඕනි."
"මං හිටියනම් ඕක ඉවරයි"
"හොඳ වෙලානට මං වගේ එකෙක් ඔතන නොහිටියෙ.හිටියනම් ඕකගෙ අතපයක් නෑ"
"සහගහනව ඕකුන්ට"
"මං හිටියනම් ආයෙම ඕකට පේන්නන් එකක් නැති කරනවා"
ඉස්සර 70/80 කාලෙ ෆිල්ම් එකක් බැලුව වගේ නේද?ඔය මොන අයියල හිටියත් ඇමරිකාව ලෝකෙට අයියා, චීනෙ ආසියාවට අයියා, කියුබාව සෞඛ්‍යට අයියා, ඉන්දියාව ළඟ ගෙදර අයියා.අපි ඔය කොයි කාටත් මල්ලී.හැබැයි රට ඇතුළේ,ෆේස් බුක් එක ඇතුළෙ ළඟ ඉන්න උන්ට සද්දෙ දාන අයියල පඳුරක් ගානේ...
එයාල කවදාවත් නිදහසේ සෙක්ස් කරන්න නීති තියන රටක වැඩිහිටියෙක් පොඩි ළමයෙක්ට ඇඟ පෙන්නන තත්වෙට වැටෙන්නෙ ඇයි කියල හිතන්නෙ නෑ.සමාජයක් විදිහට අපිත් ඒකට වගකියන්නොනි කියල දන්නෙ නෑ.මොකද ඔය හැම පොඩි උන්ට ඇඟ පෙන්නන වැඩිහිටියෙක් ම දරුවෙක් වෙලා හිටිය නේද කියල අපිට අමතක වෙනවා.
අයියල වර්ගීකරණ අතර තව ආගමට ජාතියට අයියල වෙච්චි අයත් ඉන්නවා.හැබැයි ඔය කොයි අයියත් අත පය කඩන්නන් කියල කියනව මිසක් කඩපු අතකුත් නෑ.හදපු රටකුත් නෑ......
😄

👍❤️
ReplyDelete