එකෝමත් එක දවසක,
කාලෙකට කලින් ඉඳන් දන්න කියන සහෝදරියක් හම්බුනා.ඉඳගන්න තැනක් හම්බෙලා ඔහෙ ටිකක් කතා කර කර හිටියා.එයා නෝමල් ටයිප් සරල ගති තියෙන ලස්සන ළමයෙක්.ටික වෙලාවක් එයා එක්ක කතා කරගෙන ගිහින් මං මෙහෙම ඇහුවා,
මම:-
ඔයාට කොල්ලෙක් ඉන්නව ද?
එයා:-
නෑ අනේ.දැන් ම ඕවා ගැන හිතල බෑ...හී.....
(එයාට හිනා)
මම:-
කොල්ලෙක් ගැන හිතන්නෙ නැත්නම් කෙල්ලෙක් ගැන ද හිතන්නෙ....
එයා:-
අපෝ....ඊයා.....අයියේ....මොනවද අනේ කියන්නෙ...මටනම් එහෙම අයව පෙන්නන් බෑ...
මම:-
ඒ මොකෝ....
එයා:-
මටනම් දැක්කමත් අප්පිරියයි...සමහර කෙල්ලො තව කෙල්ල්ගෙ ඇඟෙ දැවටි දැවටි යනවා... දකිද්දිත් එපා වෙනවා....කොල්ලොත් ඔහොම වැඩ කරනවනෙ...කොල්ලන්ට මේ රටේ වෙන කෙල්ලො නැතුවද.....ඉන්නකෝ පෙන්නන්.....බලන්නකෝ ඒ වගෙ කැත....
( එයා මට ෆෝන් එක ඇඳල ෆේස් බුක් එකේ තියන කෙල්ලො කෙල්ලන්ව කිස් කරපුවයි.කොල්ලො කොල්ලන්ව කිස් කරපුවයි පෙන්නන් ගත්තා.ඒවාගෙ කමෙන්ට් පෙන්න පෙන්න හිනා වෙන්න ගත්තා.හිනා වෙද්දිනම් තව ලස්සනයි )
මම:-
ඉතින් දැන් ඔහොම ලව් කළාම තියන අවුල මොකක් ද?
එයා:-
ශිට්....ඔයා මාර කතානෙ අහන්නෙ...මේ රටේ සදාචාරය කන්නෙ ඕකුන්...මං කියන්නෙ ඔය වගේ උන් එක්කෝ හිරේට යවන්න ඕනි...නැත්නම් අසහනේ අඩු වෙන්න පිස්සන් කොටුවට දාන්න ඕනි....
(එයා තරහ ගිහින් වගේ කතා කරද්දි හිනාවෙනට වඩා ලස්සනයි )
මම:-
දැන් නංගිගෙ ආදරේ කරන කෙනාව තීරණය කරන්නෙ කවු ද?ගෙදර අය ද?
එයා:-
අපෝ නෑ.....මායි මං ආදරේ කරන කෙනාව තීරණය කරන්නෙ....මං ආදරේ කරන්න ඕනි මට ඕනි කෙනාටනෙ.....
මම:-
එතකොට වෙන කෙල්ලෙක් කොල්ලෙක්ටම ආදරේ කරන්න ඕනි කියල තීරණය කරන්න උඹ මහ බඹා ද?
එයා:-
මොකාද මහ බඹා කියන්නෙ....😅මං යන්න ඕනි අයියේ....බෝයි ෆ්රෙන්ඩ්ට කෝල් එකකුත් ගන්න තියනවා💔...බායි....✋
ඊට පස්සෙ මං සතුටින් ජීවත් උනා...
නිමි....මගේ කතාව මෙයින් අවසානයි...අසා සිටි ඔබ සැමට ස්තූතියි...🙏
#For_Sexual_Freedom

❤️
ReplyDeleteඅනේ ලස්සනයි ඒ කතාව..තේරුම් ගන්න ගොඩක් දේවල් තියෙනවා.
Delete😂❤️👍😍
ReplyDeleteIsuruta lassana adahas thyenawa
ReplyDeleteHarima lassanai obe adahas
ReplyDelete