Skip to main content

Posts

Showing posts from August, 2025

ඉන්දියාවෙ සහ අපේ බයියා

ලංකාවෙ සාමන්‍ය පුරවැසියා කියන්නෙ අන්ත ආවේගශීල බුද්ධිය අහලකවත් නැති පිරිසක් කියල තේරුන් ගන්න මේක හොඳ උදාහරණයක්. විජේ ඉන්දියාවෙ ඡන්ද පදනම ඉලක්ක කරල එහෙ ඉන්න ඉන්දියානු බයියව චූන් කරන්න කියනවා ලංකාවට අයත් ව තියන කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවර ගන්නව කියල තියනවා. ඒක මෙහෙ ඉන්න බයියොත් කම්පිත කරන්න සමත්⁣ වෙලා තියනවා. විජේ නෙවෙයි කච්චතිව් ආයෙ ගන්නවා කියල මෝදි කිව්වත් ඒක ජාත්‍යන්තර නීතියයි භූ දේශපාලනයයි ඇතුළෙ කරන්න අමාරු වැඩක්. ඉන්දියාවෙ බයියන්ගෙ ඡන්ද කැම්පේන් එකටත් තෙත් වෙන ලාංකික බයි ඡනතාවක් ඉන්න එක ඇත්තට අපි සතුටු වෙන්න ඕනි. ඒ වගේ ම ආයෙ රට බේරගන්න අවස්ථාවක් ආවොත් දෙපාරක් හිතන්නෙ නැතුව ඕනි ම ත්‍රාඩයෙක්ට ඡන්ද දෙනව කියල තේරුන් ගන්නත් මේක හොඳ නියැදියක්. ඒක පහළ තියෙන පොස්ට් එකෙන් කියනටවත් වඩා හොඳට පේනවා. *මේකෙදි "බයියා" කියන වචනය පාවිච්චි කළේ ජාතිවාදී, ආවේගශීලි, පසුගාමී අදහස් නියෝජනය කරන කණ්ඩායමක් කෙටියෙන් හඟවන්න බව කරුණාවෙන් සළකන්න. එසේ, ආමන්ත්‍රණය කළේ ද ආදරයෙන් බව අමතක නොකරන්න. ඉසුරු උදාකර යකන්දාවල

තනිකම

ගොඩක් අය උඩ දාගෙන ශෙයාර් කරන අදහස්වලින් සෑහෙන්න පොපියුලර් ම අයිඩීයා එකක් තමයි 'තනිකම මාරයි' කියන එක. නිකං පෝස්ට් 10ක් ගත්තොත් 4/5ක් නම් තනිකමයි, ඒකෙ තියෙන වීරත්වයයි ගැන කියන. මුලින් ම කියන්න ඕනි  දේ තමයි එහෙම තනිකමක් අගය කරන මනුස්සයෙක් නම් ආයෙ ඉතිං පෝස්ට් ශෙයාර් කර කර ඒ ගැන අනික් අයගෙ එන්ගේජ්මන්ට් එක බලාපොරොත්තු වෙන්නෙ නෑ. තනිකම නම් තනිකම ආයෙ ඒක ගැන පබ්ලිකලි පෝස්ට් දානව කියන්නෙ ම එහෙම තනිකමක බලාපොරොත්තුවක් තමන්ට නෑ කියල.  අනික් දේ තමයි තනිකම කියන්නෙ මාර පොසිටිව් ෆීලින් එකක් නෙවෙයි. ඒක මාර විදිහට පොසිටිව් විදිහට ප්‍රචාරය කරන්න ඕනි දෙයක් නෙවෙයි. පර්යේෂණවලින් හොයාගෙන තියන දෙයක් තමයි තමන් තනිකම එහෙම නැත්නම් Social Distance කියන එක නිසා මොලයට කර බලපෑම ඉහළයි කියන එක. තනිකම, හුදකලාව නිසා මොළයේ ජෛව රසායනය දිගු කාලීනව වෙනස් කරන බව හොයාගෙන තියනවා. තනිකම හෝමෝන, ප්‍රතිශක්තිකරණ, හෘද වාහිනීවලට අහිතකර ලෙස බලපෑම් කරනවා. තව ඒක මනස ව්‍යාකූල කරනවා. අවධානය හා මතකය අහිමි කරනවා. දිවි නසා ගැනීමට පොලඹවනවා. මේ මානසිකව වෙන හිරි හැරය නිසයි සිරගත කරල බාහිර ලෝකයෙන් තනිකිරීම දඬුමක් වෙන්නෙ. ඒ මානසික දඬුවම...