Skip to main content

Posts

Showing posts from July, 2025

ඉතිහාසය මොකටද?

ලංකාව ඇතුළෙ තියෙන ලොකු ම ගැටලුවක් තමයි මොන වගෙ පොලිසි ඉම්ප්ලිමන්ට් එකක් කරන්න ගියත් ඒකෙ තියෙන දමන් දන්න කියන පුංචි කෑල්ලක් අල්ලගෙන ඒක මාර ගැටලුවක් කියල පෙන්නල් ඒ රිෆෝම් එකට විරුද්ධ වෙන එක. ඉතිහාසය ගැන ලංකාවෙ ඇතුළෙ යන කතා බහත් හරියට ඒ වගෙයි. සම්පූර්ණ කරිකියුලම් රිෆෝම් එක තියන පොලිසි ප්‍රසන්ටේෂන් එකවත් නොකියවා කට්ටිය ඔහෙ ඉතිහාසය නැති එකක් ගැන කියවගෙන යනවා. රිෆෝම් එකක් මොකක් හරි ඒක්ස්පර්ට් කමිටි එකකින් එළියට ආවම ඒ සබ්ජෙක්ට් එක ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති එකෙක් මුලු රිෆෝම් එක ගැන ම දන්නෙ නැතුව පුංචි පරිසරවාදි කෑල්ලක්, සංවේදී මානවහිතවාදී කෑල්ලක් අල්ලගෙන දඟලනවා. මේකෙන් ප්‍රකාශ වෙන්නෙ ඒ සම්බන්ධ ප්‍රමාණාත්මක විග්‍රහයකට වඩා දෙයකට විරුද්ධ වෙලා තමන්ගෙ ඇටෙන්ෂන් එක හදාගන්න මහන්සිවෙන  එක. සාධන,විශ්ලේෂණාත්මක විග්‍රහයන් නැති ම තරම්. ඉතිහාසය ගැන කාරණාවට ආවොත් මුලු රිෆෝම් එකම බලපු කෙනෙක්ට තේරෙනවා එක් එක් විෂයන් අතර සමබරතාව රැකගන්න සෑහෙන්න උත්සහයක් අරගෙන තියනවා කියල ඒක ඇතුළෙ. අනික් දේ තමයි ඉතිහාසය නැති කරහම යහපත් මනුස්සයෙක් හදන්න යන මිෂන් එක නවතී ද කියල. රිෆෝම් එකට අනුව නම්  9 පංතිය වෙනකන් ඉතිහාස...

පූජනීය වන්දනීය ආර්ට්

ලංකාවෙ ආර්ට් ගැන තියෙන පසුගාමීම අදහස තමයි මේ තියෙන්නෙ. මේක මටත් නමය දහයෙ පන්තිවලදි දැඩිව තිබ්බ එකක්. ඒකෙ දි හිතන්නෙ ආර්ට් කියන්නෙ මාර පූජනීය දෙයක්. ඒ කිලිටි කරන්න දෙන්න බෑ. මිනිස්සු විදග්ධ, උසස් රසවින්දනයක් ඇති දේවල් විතරක් කරන්න ඕන කියල. ඒත් ඇත්තට ම ආර්ට් කියන්නෙ විනෝදය එක්ක බැඳුනු දෙයක්. ගණිකාවක් වගේ අතින් අත හුවමාරුවෙන, ධනවතුන්ගේ හා බේබද්දන් එක්ක යහන්ගත වෙන්න බැරි පොදු සමාජයේ රසවින්දනය හදන්න බැරි මිනිසාට සේවය කරන්ව බැරි ආර්ට් එකකින් ඇති වැඩේ මොකක් ද? මිනිස්සු ආර්ට් එකක් පූජනීය ද වන්දනීය ද කියල තීරණය කරන්නෙ තමන්ගෙ රසවින්දනය මතයි. එහෙම නැතුව වෙන මිනුම් දණ්ඩක් නෑ. සම්භාව්‍ය උනත් නැතත් ඒක තීරණය වෙන්නෙත් තමන්ගෙ රසවින්දය හා කියවීම මත. එතන ආර්ට් වර්ක් එකක් මිනිස්සුන්ගෙ පරිභෝජන භාණ්ඩයක් වෙලා ඉවරයි. ම⁣ගේ රසවින්දනය තමයි උසස්, අනික් කෙනාගෙ රසවින්දනය පහත්,  එයාලා ආර්ට් රසවිදින්න ඕනි මෙහෙමයි කියල නිර්ණායක ගහන තැන ම  තියෙන්නෙ ග්‍රෝත්‍රිකභාවයක්. ආර්ට් කරන මිනිස්සුත් මේ මනස්ගාත විශ්වාස කරන්න ගියහම හැදෙන්නෙ ආර්ට් නෙවෙයි වෙන එකක්.  ඉසුරු උදාකර යකන්දාවල