ඉතිහාසයේ කවරදාක උනත් ජයග්‍රහකයාගෙ විසින් තමයි ඉතිහාසය රචනා කරන්නෙ. මේක ගොඩක් වෙලාවට සමාජවාදී අක්ෂයේ අය යූස් කරන වචනයක්. ලෝකෙ පුරාම ඉන්න සමාජවාදියො මේක පාවිච්චි කරනවා. ඒත් ඇත්තටම සමාජවාදය ජයග්‍රහණය කළොත් එහෙම රටක ඉතිහාසය ලියවෙන්නෙ කාට අවශ්‍ය විදිහට ද? සෝවියට් රුසියාවෙ ඉතිහාසය ලිය උනේ අයිලයක කෙළවරක ඉන්න ගැමියෙක්ගේ හැඟීම් සෝ සුසුම් එකතු කරල ද? අද සමජාවාදී චීනයේ කාර්මීකරණය ඇතුළෙ ඉච්චාභංග වෙලා පෑගිල ඉන්න චීන ජාතිකයගෙ හඬ චීන ඉතිහාසයේ ලියවේවි ද? ධනාවාදී වෙළඳපොළ ආර්ථික රටාව ඇතුළෙ අඩුපාඩු රාශියක් යටතේ සීමිත පිරිසත් මිනිස්සු තමන්ගේ අනන්‍යතාව ඉතිහාසය තුළ සටහන් කරනවා. මාධ්‍යවල ව්‍යාපත්යි ගෝලීය ධනවාදය එක්ක කුඩා කතා සඳහා අවස්ථාවක් ලබා දීල තියනවා. ඒ තුළින් ජයග්‍රහනය කරපු සමාජවාදී පක්ෂයට විතරක් නෙවෙයි. අර පරාජිත මිනිසාට ද අවකාශය වෙන් කරල තියනවා. ඒ නිසා ඇමරිකානු කර්මාන්තශාලාව, යුරෝප වානේ කම්හලක ජරාජිත ශ්‍රමිකයින්ගෙ අදහස් ඉතිහාසයට එකතු වෙනවා. හැබැයි චීනයේ ඉතිහාසය සදාකලික ෂී ජී පිංගේ ඉතිහාසයයි. සමාජවාදය දෙස මානව නිදහසේ අර්ථයෙන් බලන් ඉන්න අය මේ අදහස ඉදිරියේ සද්ද නෑ. මෙතෙක් පෑහෙන්න බැරි උනු සමාජවාදය හා...