සෑම බැඳීමක ම බර තීරණය වෙන්නෙ ඉතිහාසයත් එක්ක. ඉතිහාසය විසින් ඒ ඒ බැඳීම් වෙත කොච්චර බරක් දීල තියනව ද කියන එක මත තමයි ඒ බැඳීම්වල බර තිරණය වෙන්නෙ. හැම බැඳීමක් ම බැඳීමක් විදිහට නැඟී සිටින්නෙ මේ ඓතිහාසික බරත් දරාගෙන. සමහර බැඳීම් ඉතිහාසයේ බරත් එක්කයි සෑහෙන්න තදින් අපිට දැනෙන්නෙ. පෑරෙන්නෙ. කාලය කියන්නෙ ඉතිහාසයේ නිර්මාණකරු. ඉතිහාසයේ ධාරිතාව තීරණය කරන්නෙ කාලය. කාලය හා අවකාශය කියන්නෙ ගැඹුරු විෂයක් විද්‍යාව ඇතුළෙ. ඒ මොනව උනත් කාලය විසින් ධාරිතාව තීරණය කරගෙන ඉතිහාසය විසින් අපේ බැඳීම්වලට ඉසිලිය නො හැකි බරක් ලබා දෙනවා. ඒ බර කොච්චර ද කියනව නම් තමන්ගෙ බැඳීම් බිදෙද්දි කම්පා වෙන්නෙ, තිගැස්සෙන්නෙ, හඬා වැටෙන්නෙ ඊටත් එහාට ගිහින් තමන්ට අහිමි වන බැඳීම වෙනුවෙන් තමන්ගෙ ජීවිතය පවා නැති කරගන්නෙ ඉතිහාසය විසින් බැඳීමකට දීල තියන බරත් එක්ක. ඉතිහාසයේ බර මනින දී කාලය මනින ඒකකයක් තියනවා. ඒ තමයි මතක ය. මතකයේ එක්ක භාවිතා කරල බැඳීමක ඉතිහාසයේ බර මනින්න අපිට පුලුවන්. ඒ විදිහට මනිද්දි අපිට තේරෙනවා සමහර බැඳීම් එක්ක අපි ගත කරල තියෙන්නෙ බොහොම කුඩා කාලයක්. ඒත් අපි සටහන් කර ගන්න මතකයන් ප්‍රමාණය වැඩියි. සමහර බැඳීම් සෑහෙන්න කාලයක් ස...