Skip to main content

Posts

Showing posts from June, 2021

Funny Boy සහ සුළුතරයේ කතාව

චිත්‍රපටියක් ගත්තම අපිට ඒක අපිට කැමති විදිහට නම් කරන්න පුලුවන්.ඒ අතරින් Funny Boy කියන්නෙ සුළුතරයේ කතාවක්.කතාව පුරාවටම දිවෙන්න සුළුතරය පිළිබඳ කතාවක්.වාර්ගික,ආගමික,ලිංගික කියන සෑම විදිහකින්ම තිර රචනාව දිවෙන්නෙ සුළුතරය මත පිහිටල.ඒ අතරිනුත් ප්‍රධාන ව⁣ශයෙන් චිත්‍රපටය තේමාගත වෙන්නෙ සුළුතර ලිංගික කතන්දරයක් ව⁣ශයෙන්.සිග්මන් ෆ්‍රොයිඩ් අනුව, "අපගේ වඩාත් වටිනා සංස්කෘතික උරුමයන් අප හිමිකරගෙන ඇත්තෙ ලිංගිකත්වයේ වියදමිනි." "Much of our highly valued cultural heritage has been acquired at the cost of sexuality." - Sigmund Freud (Freud, Sigmund (2014). “An Outline of Psychoanalysis”, p.60, Read Books Ltd) ඒ අනුව මානව ජීවිතයේ කේන්ද්‍රීය සංස්කෘතික හා සමාජ සාධකය වශයෙන් පුද්ගල ලිංගිකත්වය තහවුරු කරගන්න පුලුවන්.චිත්‍රපටය දිවෙන්නේ ඒ ප්‍රථුල මානව ලිංගිකත්වය පසුබිම් කරගෙන.නමුත් විශේෂ ම දේ වෙන්නෙ Funny Boy තුළ අන්තර්ගත වෙන්නෙ සුළුතර ලිංගික ප්‍රජාවෙ කතාවක් වෙන එක.ලෝකයේ ප්‍රධන හා බහුතර ලිංගික දිශානතිය විෂම ලිංගිකත්වය වෙද්දි Funny Boy ඇතුළෙ අපි දකින්නෙ අර්ජුන් හෙවත් කතා නායකයාගේ සමලිංගික ජීවිත...

දඩයම (1984 - IMDb 7.9)

දඩයමක සාමන්‍යයෙන් පාර්ශවකාරයො වෙන දෙපාර්ශවයක් ඉන්නවා.එක කොටසක් දඩයම් කරගන්නවා.තව කොටසක් දඩයමට ගොදුරු වෙනවා.ඉතිහාසය පුරාවට එකිනෙකා මේ පාර්ශව දෙක මාරු කරගෙන රඟපෑවා.මේ සම්බන්ධය කොච්චර සාමන්‍යය ද කියනව නම් අද වෙද්දි ගොදුරු කරගැනීම හා ගොදුරු වීම අතිශයින් සාමන්‍යයි.අද වෙද්දි ඒක අපේ ජීවිතේම කොටසක්.එක්තර විදිහකට ⁣අපේ පැවැත්ම රැදෙන්නෙත් ගොදුරු වීම හා ගොදුරු කරගැනීම මතමයි.ඒක හුස්ම ගන්න තරම් හරිම සාමන්‍යයි.පන්තියේ වෙනියා තෝරන විභාගයකට පොර බඳනවා කියන එකේදි ම දරුවෙක් දඩයක්කාරයෙක් වෙනවා.තව දරුවෙක් දඩයමක් වෙනවා.හැබැයි අපි අමතක කරගන්න දේ තමයි ඒ ළමයි දෙන්නම මේ පද්ධතිය ඇතුළෙ ගොදුරක් කියන එක.ඒ කියන්නෙ දඩයම විතරක් නෙවෙයි දඩයක්කාරයත් දඩයමේම ගොදුරක් .ගොදුර කෙතරම් දක්ෂ ලෙස තමා සතු කරගත්තත් ඔහු ගොදුරක් වෙලා ඉවරයි.මාක්ස්වාදය ඇතුළෙ අපට උගන්වල තියෙන්නෙ ඉතිහාසය ධනපතියාගේ ඉතිහාසය මිසක් සමස්ත පීඩිත මනුෂ්‍යාගේ ඉතිහාසය නෙවෙයි කියල.ඒ කියන්⁣නෙ නිර්ධනය ගොදුරු කරගන්න ධනපති දඩයක්කාරයාගේ ඉතිහාසයක්.ඒත් ඒ ඉතිහාසය අපට සඟවන දෙයක් තියනවා.ඒ දඩයම සිදු කරන්නෙක් වීමේ විනෝදය, වේදනාව, පීඩාව හා කාන්සිය.ධනපතියාට හිමි ඉතිහාසයේ වීරත්...