Skip to main content

Posts

Showing posts from June, 2025

පක්ෂ යට කරන මාධ්‍යයේ ආධිපත්‍ය

මේක හොඳ නිදර්ශනයක් ලංකාව පාලනය කරන්නෙ කවුද කියල තේරුන් ගන්න. ලංකාවේ දේශපාලකයාව දඬු කඳේ ගහන්න හැදුවට ඇත්තට දේශපාලකයා  ලංකාවේ මාධ්‍ය ආධිපත්‍යට යට වෙලා ඉන්නෙ. මිනිස්සු හිත⁣න්නෙ, කරන්නෙ කියවන්නෙ මොනවද කියල තීරණය කරන්නෙ ලංකාවෙ ජනමාධ්‍ය. දායාසිරි කියන විදිහට එයා මේක කියල තියෙන්නෙ ජාතික පුවත්පත් කීපයකම මේ වාහන වෙන්දේසිය ගැන තොරතුරක් තිබුණු නිසා කියල. දායාසිරි තමන් මේ තොරතුර වැරදි කියල දැන ගත්ත නිසා ඒක පිළිගැනීම සදාචාරවාදීව විපක්ෂ දේශපාලකයෙකුගෙන් ආපු සාධානීය ප්‍රවණාතාවක්. මේක ඔහු තමන්ට වාසියක් හරි හානියක් හරි වෙන්න කිව්ව එක වැදගත්. මේ නිසා විපක්ෂයට ආවාසියක් වෙන්න පුලුවන්. සමහරවිට මේ වගේ වැරදි තොරතුරු නිසා දායාසිරිට හරි වැරිදි තොරතුර පිළිගත්ත නැඩි පිරිසක් නිසා ආණ්ඩුව හරි ඊළඟ ඡන්දෙදි ගෙදර යයි. හැබැයි මේ වගේ  අසත්‍ය තොරතුරු පතුරවන මාධ්‍ය හැමදාම තමන්ගෙ ආධිපත්‍ය තියාගෙන දේශපාන පක්ෂ හා දේශපාලනඥයන් තමන්ගෙ අල්ලෙ නටව⁣නවා. මේ මාධ්‍ය ආධිපත්‍ය බිඳිනකන් ලංකාවේ ආණ්ඩුවක් කවදාවත් ජනතාවගෙ පරමාධිපත්‍ය නම් නියෝජනය කරන්නෙ නෑ.  ඉසුරු උදාකර යකන්දාවල

ප්‍රංශය නිකං ඉන්දියාව වගේ

ලංකාව ඉන්දියාව වගේ රටවලට තියෙන ලොකු ම චෝදනාවක් තමයි ක්‍රිඩාවෙදි ශිෂ්ට නෑ කියන එක. ඇත්තට ම ඉතිං ක්‍රිඩාව නෙවෙයි ඉන් පිටත් ශිෂ්ට නෑ අපේ උන්. ඒත් දියුණුයි කියන ශිෂ්ට කියන යුරෝපීය ජාතින්ගේ ඒ ශිෂ්ටභාවයට සුබසාධනයට අවශ්‍ය සමාජ ආර්ථික බලය හැදුණෙ පරිධියේ තියෙන අපි වගේ ආසියා අප්‍රිකානු රටවල් යටපත් කරගෙන ඒ රටවල් සූරා කාලා. එහෙමයි, කියල අපිට අශිෂ්ට වෙන්⁣න ඒක නිදහසට කාරණාවක් වෙන්නෙ නෑ. කොහොම උනත් ඒ විදිහට ඉහළ මිලක් ගෙවල හදාගත්ත යුරෝපීය ඊනියා ශිෂ්ටකම හරියට ඉන්දියාවෙ වගෙ ලෙහිල ගිය අවස්ථාවක් තමයි ඔය ප්‍රංශෙදි වෙලා තියෙන්නෙ.  ඕනිම ශිෂ්ටාචරයක් ඇතුළෙ ම වනචාරී අශිෂ්ටකමත් රහසේ සැරි සරනවා!  ඉසුරු උදාකර යකන්දාවල