කඩින් කඩ ලෝකය දෝලනය වෙමින් පවති. ගුරුවරයා කියන අදහසත් ඒ එකක්ම වෙනස් වෙනවා. මීට සියවස් කීපයකට කලින් ගත්තත්, දශක කිහිපයකට කලින් ගත්තත් ගුරුවරයෙක් කියන්නෙ දැනුමේ මූලාශ්‍රයක්. පොත් පත්තර තිබ්බට ගුරුවරයෙක් ඉන්න ඕනි දැනුම හොයාගන්න. මොකද දැනුමට එන්ටර් වෙන්න තියෙන්නෙ පොඩි අවකාශයක් විතරයි. ඒත් අද වෙද්දි කාලාව සාහිත්‍යයේ ඉඳන් මැකෑනිකල් ඉනිජිනියරින් දක්වා හැමදේම ඉගෙන ගන්න පුලුවන් පහළ තියෙන ප්ලැට්ෆෝම්වලින්. දැනුමට තියන දුර නැතිවෙලා එහෙම නැත්නම් අඩුවෙලා තියෙනවා. එහෙම බැලුවම ගුරුවරු කියල ජාතියක් මේ සමාජෙට ඕනි නෑ. ඒ තරම් දැනුම අපි ළඟ තියෙන්නෙ. මේකට ගොඩක් අයට දුක හිතෙන්න පුලුවන්. ඒත් ඒක තමයි ඇත්ත! ගුරුවරයෙක්ට මීට කාලෙකට කලින් ඕනි දෙයක් කියන්න පුලුවන්. ඒ ගුරුවරය නැත්නම් ඒ දැනුම ලබාගන්න බැරිකම වගේ දේවල් දැන් නෑ. ගුරුවරයෙක් ආධිපාත්‍ය මේ නව මාධ්‍ය එක්ක දැනුම ජනසතු වීම නිසා නැතිවෙලා තියෙනවා. ඇත්තට ම, ලෝකය ගුරුවරයා ඒකාධිකාරය ඒ අර්ථයෙන් බිඳිල ඉවරයි. එහෙනම් ඇයි අපි තවත් ගුරුවරු ගැන කතා කරන්නෙ ? දැන් දැනුම දෙන්න ගුරුවරු ඕනි නෑ. ඒකට දැනුම ගබඩා කරපු ඩිජිටල් ලයිබ්‍රි, එන්සයික්ලෝපීඩියා ඕනි තරම් ඒවා තියනවා. ...