මරණ කියන සංකල්පය ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි ගොඩක් සමාජවල එක එක විදිහට කතා කරන දෙයක්. ගොඩක් වෙලාවට ඒවා නෙගටිව්. ලංකාවේ තින්කින් පැටන් එකට ගොඩක් ම මරණය ගැන අදහස කාවදින්නේ බුදු දහමේ කොටසක් විදිහට. ජාති, ජරා, මරණ. ඒක මිනිස්සුන්ට ගොඩක් බලපානෙ විදිහෙ කන්සෙප්ට් එකක්. ඒකත් එක්ක මේ විදිහට හිතන්නත් පුලුවන් කියල Money Heist එකේ Berlin කියන දෙබසකින් තේරෙනවා. නිකං හිතුවොත් අපි අමරණීයයි කියල මොන වගේ වෙයි ද? අපිට මේ තියන හදිස්සියෙන් සෑහෙන්න ප්‍රමාණයක් අඩුවෙයි. අපි ඔහේ ඉදියි. මොකද අපි කොච්චර ඉක්මන් උනත් අපිට කාලය ඉතුරුයි. කොච්චර ජීවත් උනත් මැරෙන්නෙ නැති නිසා කිසි දෙයක් මැරෙන්න කලින් කියල කරන්න නෑ. ලෝකේ ගොඩක් දේවල් අපේ ඇස් දෙකට පේන්න පැවතුනාට ඇත්තටම ඒවා පවතිනව ද? ඉපදුන දවසේ ඉදන් මාර කම්මැලි ජීවන රටවකට හුරු වෙලා ගර්භාෂෙන් එළියට ආපු දවසෙ ඉදන් හැමෝම කරන එක ම විදිහෙ අඩව්ව අල්ලනවා. ඇත්තට ම ඒක මෙලෝ රහක් නැති ජීවිතයක්. ඒත් අපි ඇත්තටම අමරණීය නෑ. ඒ නිසා මොන දේ කළත් අන්තිමට යන්න වෙනවා. ඒ නිසා අපි මාර ඉක්මන් වෙනවා. සටන් කරනවා. නිමේෂයක් ගානෙ අපි විදින්න උත්සහ කරනවා. මොකද අයේ අපිට ඒ තප්පරය ගන්න පුලුවන් වෙයි ද ...