ගිය තුන් වෙනිද නමයෙ අන්තිම කෝච්චියෙ (නයිට් මේල් එකේ) අපිට යාපනේ යන්න උනේ.හිතුවේ අන්තිම කෝච්චිය නිසා කිසිම අවුලත් නැතුව මිනිස්සු අඩු වෙච්චි කෝච්චියක යන්න පුලුවන් වෙයි කියල.ඒත් වැඩේ එහෙම උනේ නෑ.අපිට සීට් තිබ්බෙ නෑ.කෝච්චියෙ ටිකක් ඉද්දි එහෙන් මෙහෙන් සීට් හම්බුනා.පොල්ගහවෙලට යන්න කලින් ළඟම සීට් නැති උනත් ළඟ ළඟ තිබ්බ සීට් ටිකකට එන්න පුලුවන් උනා.ඔහොම ඉඳගෙන බොංගො එකකුත් තියාගෙන සිංදුවක් කියන්න කට්ටිය එක ළඟට සෙට් වෙනකන් හිටියෙ.ඔය ඒ මේ අතර දෙමළ කොල්ලො ටිකක් කෝ්ච්චි පෙට්ටි දිගේ එහෙ මෙහෙ යනවා.අපිත් සිංදුවක් කියන්න කියල ඉන්නකොටම යාලුවෙක් අතේ තිබ්බ බොංගෝ එක "පොඩි ෆන් එකක් අරගෙන දෙන්නම්" කියල එක කොල්ලෙක් යාලුව එක්ක කතා කරල අරගත්ත.අපේ එකත් නොදී බැරිකමට දුන්නා.උන් ටික අපිටත් සිංදු කියන්න එන්න කියාගෙන ගියා.අපි බිරන්ත වෙලා එක එකාගෙ මූණ බලාගත්ත ගමන් හිටිය.අපිට සිංදුත් නෑ බොංගොත් නෑ.ඔහොම ඉඳල අපේ එක එකාව ඒ දෙමළ කොල්ලො ටිකම ඇඳල ගත්ත සිංදු කියන්න.කොහොමහරි රෑ එක දෙක වෙද්දි කල්ලි දෙකක් නෑ.සිංහල දෙමළ සිංදු මරුවෙන් මාරුවට කෝච්චියෙ දිගෙ ඇවිදිනවා.ඒක වෙනම අත්දැකීමක්.ඒත් විශේෂයෙන් ම කියන්න ඕනිම දේ එ්ක න...