Skip to main content

Posts

Showing posts from November, 2025

සරච්චන්ද්‍රට නැති මනමේ ගැන කැක්කුම

වටලාගෙන මේ NSBM එකේ මනමේ නාට්‍ය විකෘති කළා කියල ගහනවා දැක්කා. ලංකාවේ ඕනි දෙයක් මාර දෙයක් උන ගමන් වන්දනාමාන කරන සීන් එකක් තියෙන්නෙ. 'සරච්චන්ද්‍ර කෙලෙසුව', 'මනමේ විකෘති කළා' කියල මේ දඟලන අයගෙන් භාගයක් ම මනමේ බලල නෑ කියල සුවර්. ඉතුරු භාගෙ ආර්ට් එකක් සීරියස්ව රස විදින මිනිස්සු වෙන්න බෑ. එහෙම සීරියස්ව ආර්ට් බලන අය දන්නවා ආර්ට්වල වන්දනීයව හරි විකෘති නොකර තියාගන්න පුලුවන් දෙයක් නෑ කියල. මේක නිකං ආශාවන් ප්‍රහීන කරන්න  කියන බුදු දහම රකින්න මිනී මරන්න ඕනි කියල හිතන සිංහල බෞද්ධයගේ අඬෝවැඩියාවට සමාන එකක්. මනමේ කවුරු කොහොම විකෘති කළත් මනමේවලට තියන සංස්කෘතික අනන්‍යතාව නැති වෙන්නෙ නෑ. ඒ වගේ ම ඕනි ම නිර්මාණයක් වෙන වෙන විදිහට ප්‍රතිනිර්මාණය හරි පැරඩි කරන එක හරි නෝමල් දෙයක්. ඒ වගේ දේවලින් තොර පාරිශුද්ධ ආර්ට් වර්ග කියල දේවල් මේ 21 වෙනි සියවසේ නෑ. එහෙම තියනව නම් ඒවා අයිති වැඩවසම් සමාජයට මිසක් මේ සියවසට නම් නෙමෙයි. හැබැයි මේක ගොඩක් හොඳ අවස්ථාවක් හිස් මිනිස්සුන්ට එයාලගෙ හිස්කමේ බිත්ති පුරවගන්න. මේ වගේ එකකට ගහල එයාලට කියන්න පුලුවන් එයාල මාර කලා ප්‍රේමීන් කියල ඇත්තට ම එහෙම නොවුනත්. ඉතිං සාමුහ...