Skip to main content

Posts

Showing posts from November, 2024

ඉන්දියාව නීතියේ දෙවඟනගේ ඇස් ලිහයි

ඉන්දියාව කියන්නෙ ලංකාව වගේ රටකට මඟ හැර යන්න බැරි රටක්. ඒ ළඟින් ම පිහිටන එක නිසාවත් සංස්කෘතික බැදීම නිසාවත් නෙවෙයි. ලංකාවෙ සුද්දව පරද්දන ඕනි, ලංකාවෙ හෙළ සංස්කෘතිය මාරයි කිව්වට ඒ වචනයක් විතරයි. ඒත් ඉන්දියාව කියන්නෙ මීට දශක දශක 8කට කලින් තමන්ව පාගගෙන සුරගෙන හිටිය මහා බ්‍රිතාන්‍ය පහු කරල තමන්ගෙ දළ ජාතික නිෂ්පාදනය වැඩි කරගෙන ඒ වගේ රටකය අභියෝග කරන්න පුලුවන් රටක්. ඒ අර්ථයෙන්, හරියට ම සුද්දව දණ ගැස්සුවෙ ඉන්දියාව විතරයි. හැබැයි, ඉන්දියාව වගේ රටක ඕනි දෙයක් වෙන්න පුලුවන්. හඳට යන්න යානයක් හදන එකේ ඉඳන්, තරුණියක් සාමුහිකව ම්ලේච්ඡ විදිහට දුෂණය කරන එක දක්වා ඕනි දෙයක් වෙන්න පුලුවන් රටක්. මේ අතර පහුගිය දවසක Indian Times එකේ කියල තිබ්බ විදිහට නීතියේ දෙවඟනගෙ ඇස් නිදහස් කරන්න ඉන්දියාව පියවරක් අරන් තියනවා. "නව යුගයක් පිළිබිඹු කරන සහ යටත් විජිත ඉතිහාසයෙන් සහ බැඳීම්වලින් මිදුණු විවෘත ඇස් ඇති නව යුක්තිය පිළිබඳ ප්‍රතිමාවක් ඉදිරිපත් කිරීමෙන් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පැරණි සම්ප්‍රදායෙන් බැහැර වූ පළමු පියවරයි. සාම්ප්‍රදායික ව දිගු කලක් බලයේ සහ දඬුවමේ සංකේතයක් වූ කඩුව වෙනුවට ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අව...