Skip to main content

Posts

Showing posts from January, 2021

ස' ටත් පුළුවන් ස්මාරකයක් උගුල්ලනවා වගේ වැඩක් තමයි ඉතින්....

ස' ටත් පුළුවන් ස්මාරකයක් උගුල්ලනවා වගේ වැඩක් තමයි ඉතින්.... විශ්වවිද්‍යාල කොමිසන් සභාවේ සභාපතිතුමා කියනවා යාපනය විශ්වවිද්‍යාලයේ තිබ්බ ස්මාරකය ඉවත් කරනවා කාලයට ගැළපෙන්නෙ නැති නිසා යුද්ධය ගැන අමතක කරන්න කියල....සාමය වර්ධනය කරන්න ඒක හේතු වෙනවා කියලත් එතුම කියනවා..... ඒත් ඇත්තටම යුද්ධය වගේ අත්දැකීමක් අමතක කරන කියන තැනම තියනවා යුද්ධය අමතක කරන්න බැරි හේතුව.... ඒ වගේම සමස්ත ඉතිහාසයක් ගැන සහ අනාගත යහපත් සමාජ ජීවිතයක් ගැන දැකපු අපේක්ෂාවන් එහෙම බුල්ඩෝසර් කරලා වළ දාන්න පුලුවන් ද....? (⁣ස්මාරකයය ඉවත් කිරීමට එරෙහි විරෝධ⁣තාවයේ පින්තූරය ඇමිණුවේ Daily mirror එකෙන් අරගෙන)

අපිට අපි වෙන්න බෑ....

අපිට අපි වෙන්න බෑ...එහෙම වෙනවා කියන එකමයි ෆැන්ටසි එක...උඹ උඹ උන දවසට උඹ මේ ජීවිතයෙන් තව මොනවද බලාපොරොත්තු වෙන්නෙ...නිශ්චිතවම උඹේ ජීවි⁣තේ ඉවර වෙනවා.... එතකොට මොකක්ද ජීවිතේ කියන්නෙ... ජීවිතේ කියන්නෙ මම මම වෙන්න හදන එකයි කවදාවත් මට මම වෙන්න බැරි එකටයි ජීවිතේ කියන්නෙ... ඒකයි අපි ගොඩක් ජීවිතෙ විඳල කියල හිතන දේවල් එක්කෝ අපිට ලැබිලා නෑ..නැත්නම් අතීතයෙදී විඳපු දෙයක් ගැන කතා කරන්නෙ...කවදාවත් විඳින දෙයක් ගැන කතා කරන්න බැරි... ඒ වගෙම උඹට උඹම වගේ අය හම්බෙන්නෙ නෑ...උඹට හැමදාම හම්බෙන්නෙ හිස් තැන්...කලාව ඒ හිස් තැන් පුරවන්නෙ නෑ පුළුල් කරනවා....උඹ කියන වගේ උඹ ආසම විදිහෙ අනෙකෙක් උඹට හම්බුනත් ඒ හිස් තැන පුලුල් වෙනවා.....හැබැයි ඒක පුළුල් කරන ගමන්ම උඹව පරිපූර්ණ කරවී.... (මං දන්නෙ නැ මේ කියපු හැලී ටික උඹලට තේරෙනවද කියන්න....ඒත් මේ මට හිතෙන ටික...) https://m.facebook.com/story.php?story_fbid=1725682137819413&id=100011329296374 Warunaගෙ සටහනකට දාපු අදහසේ රළු පිටපතක්...